පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් තක්සේරුකරුවන්ගේ භාවිතයට පෙරළිකාරී ජංගම යෙදුමක්

(කොළඹ, ලංකාපුවත්) –පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම, නවීන තාක්ෂණය භාවිතයෙන් තම සේවාවන් පූර්ණ පරිවර්තනයකට ලක්කිරීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස,රථවාහන හා රථවාහන නොවන රක්ෂණ සම්බන්ධ හිමිකම් ඉල්ලීම් වලදී තක්සේරුකරුවන්ගේ භාවිතය සඳහා විශේෂ ජංගම යෙදුමක් (Mobile app) හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

මෙය තක්සේරුකරුවන්ගේ කාර්යභාරය පහසු කරමින්, එම ක්‍රියාවලියේ ඵලදායීතාව හා කාර්යක්ෂමතාව ඉහළ නංවන විසඳුමක් වනු ඇත.

මේ අනුව දැන් තක්සේරුකරුවන් කළ යුතු වන්නේ අදාළ ස්ථානය වෙත ගොස් මෙම යෙදුමට තොරතුරු ඇතුළත් කිරීම පමණක් වන අතර, එම තොරතුරු එසැණින් මධ්‍යම තොරතුරු පද්ධතියට එකතු වේ. මෙම කටයුත්ත ක්ෂණිකව සිදුවන නිසා, හිමිකම් ඉල්ලීම් අංශයට වහාම අදාළ ඉල්ලීම සම්බන්ධ කටයුතු ආරම්භ කළ හැක. ස්ථානීය පරීක්ෂාවන්, නඩත්තු ස්ථාන පරීක්ෂාවන්, සමස්ත හානි පරීක්ෂාවන්, වැඩිදුර කරුණු සොයා බැලීම් සහ අලුත්වැඩියාවෙන් පසු සිදුකෙරෙන පරීක්ෂාවන් ආදිය මෙම යෙදුම හරහා සිදුකළ හැකි අතර එය තක්සේරුකරුවන්ගේ රාජකාරිය පහසු කිරීමට හේතු වේ. එමෙන්ම එමගින් අදාළ ක්‍රියාවලිය ඉක්මන් වීම ගනුදෙනුකරුවන්ටද බෙහෙවින් වාසිදායක ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (රථවාහන හිමිකම්) හරීන්ද්‍ර දිසානායක මහතා මෙසේ පැවසී ය. “තක්සේරුකරුවන් විශාල පිරිසකගෙන් සමන්විත ශක්තිමත් ජාලයක් අප සතුයි. ඔවුන්ගේ සේවාව අපගේ මෙහෙයුම් වලට අතිශයින් වැදගත්. ඔවුන්ට සෑම දිනකම තක්සේරු රාජකාරි කිහිපයක් ඉටුකිරීමට සිදුවන නිසා මෙම යෙදුම ඔවුන්ට ඉමහත් පහසුවක් වේවි. ඔවුන්ගේ රාජකාරී කටයුතු වෙනුවෙන්ම සැලසුම් කළ මෙම යෙදුම භාවිතයට ඔවුන් මනාවපුහුණුකරතිබෙනවා.”

මෙම යෙදුම හඳුන්වාදීම, කඩදාසි භාවිතයෙන් තොර සමාගමක් බවට පත්වීම සඳහා පීපල්ස් ඉන්ෂුවරන්ස් දරන උත්සාහයට සමගාමී වන පරිසර හිතකාමී පියවරක් ලෙසද හැඳින්විය හැක. සිය කාබන් පිය සටහන අවම කරමින් තිරසාරත්වය සම්බන්ධ වෙනත් ක්‍රමවේද වෙතද අවධානය යොමුකිරීම සඳහා මෙය බෙහෙවින් වැදගත් වනු නිසැක ය.

මෙම යෙදුමේ විශේෂත්වයක් වන්නේ අනතුර සිදුවූ ස්ථානය සහ තක්සේරුකරු සිටින ස්ථානය සජීවීව දැකගැනීමට ඇති හැකියාවයි. එමෙන්ම මෙමගින් තොරතුරු ඩිජිටල් ලෙස සටහන් කරගනු ලබන අතර, එම තොරතුරු වඩාත් නිවැරදි වීම නිසා එමගින් ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට අවස්ථාව ලැබේ. තක්සේරුකරුගේ ඩිජිටල් උපාංගයේ අන්තර්ජාල සම්බන්ධතාව විසන්ධි වී තිබුණත් පරීක්ෂාව සිදුකිරීමට එය බාධාවක් නොවන අතර, අන්තර්ජාල සම්බන්ධතාව යථා තත්ත්වයට පත්වූවහාමඅදාළ දත්ත ස්වයංක්‍රීයව මධ්‍යම පද්ධතියට ඇතුළත් වනු ඇත.කිසිදු ආකාරයක දෝෂයක් ඇතිවීමේ ඉඩකඩ වැළැක්වීම සඳහා ගනුදෙනුකරුගේ ඩිජිටල් අත්සන සහ අනතුරේ තොරතුරු ආදිය ස්වයංක්‍රීයව පරිඝණකපද්ධතියවෙත යවනු ලැබේ.

තොරතුරු හා සන්නිවේදන කළමනාකරු ධනුෂ්ක ලියනගේ මහතා අදහස් දක්වමින්, “පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ ඉලක්කය වන්නේ නවීනතම තාක්ෂණයන් භාවිතා කරමින් සමාගමේ සේවාවේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා හැකි උපරිම මට්ටමින් දායකවීමයි.තක්සේරුකරුවන් වෙනුවෙන් හඳුන්වා දුන් යෙදුම අපගේ උත්සාහයන්ගේ නවතම ප්‍රතිඵලය ලෙස හැඳින්වීමට පුළුවන්. මේ සඳහා අපරථවාහන/ රථවාහන නොවන හිමිකම්අංශය සමග සමීපව කටයුතු කළා. ඒ සියල්ල ඔස්සේ අපගේ උත්සාහය අතිශයින් සාර්ථක කරගැනීමට අපට හැකිවී තිබෙනවා.”

මෙහෙයුම් ප්‍රධානී ජීවනී කාරියවසම් මහත්මිය මෙසේ සිය අදහස් පළකළා ය. “අපගේ ව්‍යාපාරික මෙහෙයුම් වලට නවීන තාක්ෂණය භාවිතා කිරීම ඔස්සේ එම කටයුතු වල කාර්යක්ෂමතාව නැංවීම සඳහා අප දරන උත්සාහයට අපගේ තොරතුරු හා සන්නිවේදන අංශයෙන් ලැබෙන්නේ නොමඳ සහයෝගයක්. මෙම නව යෙදුමට භාවිතා කර ඇති තාක්ෂණය නිසා මෙතෙක් තක්සේරුකරණය සම්බන්ධ ඇතැම් කටයුතු වලට යෙදවූ මානව සම්පත් සමාගමේ වෙනත් අංශ වෙත යොමුකරවන්නට අපට අවස්ථාව ලැබේවි.”

පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ඉසුරු බාලපටබැඳි මහතා මෙම තාක්ෂණික පරිවර්තනය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, “රටේ වේගයෙන්ම වර්ධනය වන සාමාන්‍ය රක්ෂණ සමාගමක් ලෙස, නවෝත්පාදන සහ සේවා විශිෂ්ටත්වය ඔස්සේ වටිනාකම් වර්ධනය අතින්ද පෙරමුණේ සිටීමට අප සෑම විටම උත්සාහ කරනවා. එමෙන්ම අපගේ පාරිභෝගික කේන්ද්‍රීය දර්ශනය ඔස්සේ නව නිෂ්පාදන හා සේවාවන් හඳුන්වා දීමටත් අප නිරන්තරයෙන් පියවර ගන්නවා. තක්සේරුකරුවන්ගේ රාජකාරිය පහසු කිරීම සඳහා හඳුන්වා දුන් නව ජංගම යෙදුම මේ සඳහා එක් විශිෂ්ට උදාහරණයක්.”

මෙම නව යෙදුමෙහි මූලික අරමුණ තක්සේරුකරුවන්ගේ රාජකාරි කටයුතු ඩිජිටල්කරණය කර ඒවා වඩාත් පහසු කිරීම වුවද, හිමිකම් ලබාගැනීම සඳහා බලා සිටීමට සිදුවන කාලය අවම කරමින් ගනුදෙනුකාරතෘප්තිය ඉහළ නැංවීම මෙහි තවත් වැදගත් ඉලක්කයකි. එමෙන්ම මෙමගින් කඩදාසි භාවිතය අවම වන නිසා,ගනුදෙනුකාරසෙනෙහස මුල්කරගෙන සේවාවන් සලසන සමාගමක් ලෙස, පරිසරයසංරක්ෂණය සිදුකිරීම සඳහා පීපල්ස් ඉන්ෂුවරන්ස් දරන උත්සාහය සමගද මෙය මැනැවින් සමගාමී වේ. ශක්තිමත් තොරතුරු හා සන්නිවේදන අංශයක් තමන් සතු බැවින්, ඉදිරියේදීත් තමන්ට දියුණුවෙන් දියුණුව කරා යාමට උපකාරී වන, නවීන තාක්ෂණය පදනම් කරගත් හඳුන්වා දීම් සිදුකිරීමට පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමට හැකියාව ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − fourteen =