ලූලා ද සිල්වා එළඹෙන ජනාධිපතිවරණයට

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රසීල හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට එරෙහි දූෂණ සහ අපරාධ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව 75 හැවිරිදි ලූලා ද සිල්වා හට 2022 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වීමට ද අවස්ථාව හිමිවනු ඇත. එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

ඔහුව මාස 18ක කාලයක් බන්ධනාගාර ගතව තිබුණි. ඒ හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා බාර දීමට ද අවස්ථාව නොලැබුනි.

වාමාශික දේශපාලඥයෙක් ලෙස ලූලා ද සිල්වා ඉහළ ජනප්‍රියත්වයක් ලබා සිටින චරිතයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =