Uber Eats ඩිලිවරි සේවා හවුල්කරුවන් හට COVID අතරතුර ඉටුකළ සේවය වෙනුවෙන් ඇගයුම්

(කොළඹ, ලංකාපුවත්) – Uber Eats සිය ඩිලිවරි සේවා හවුල්කරුවන් COVID-19 රෝග ව්‍යාප්ති තත්ත්වය හමුවේ පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙනගොස් භාරදීම තුළින් ඉටුකළ මෙහෙවර වෙනුවෙන් ඔවුන්ට සම්මාන හා ත්‍යාග පිරිනැමීමට පසුගියදා කටයුතු කළේ ය.

මේ යටතේ එම ඩිලිවරි සේවා හවුල්කරුවන් වෙත රූපවාහිනී, මයික්‍රෝවේව් උදුන්, ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර පමණක් නොව නවතම යතුරුපැදියක් පවා පිරිනමන ලදී.

මෙහිදී ගමන් වාර ගණන සහ පාරිභෝගිකයන් සංඛ්‍යාව අනුව Uber Eats ‘Delivery Bonanza’ වැඩසටහනේ ඉහළම ජයග්‍රහණය හිමිකර ගනිමින් අලුත්ම යතුරු පැදියක් හිමිකර ගැනීමට සමත් වූයේ කොළඹ ප්‍රදේශයේ නීල් ඩි ලිල් මහතා ය.

‘දිවියට දිරිය‘ ඩිලිවරි සේවා කාන්තාවන් 6 දෙනෙකුද මෙහිදී සම්මානයන් පිදුම් ලැබූ අතර, Uber Eats සේවාවට සක්‍රීයව දායක වී අගනා මෙහෙවරක් ඉටුකළ තවත් බොහෝ දෙනෙකු මෙම වැඩසටහන යටතේ ඇගයීමට ලක්වූහ. ශ්‍රී ලංකාවේ Uber Eats සේවාව සමග එක්වූ මුල්ම හවුල්කරුවා වන සිරාජුදීන් මොහොමඩ් ශාසින් මහතා වෙත මෙහිදී විශේෂ ත්‍යාගයක් පිරිනමන ලදි.

Uber Eats ඩිලිවරි සේවා හවුල්කරුවන් ඇඳිරි නීතිය හමුවේ පවා තම සේවාවන් සැපයූ අතර, අතිරේක අවදානමකට මුහුණ දෙමින් අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයන් වෙතටම ගෙනගොස් භාරදීමට කටයුතු කළහ. මෙය ශ්‍රී ලංකාව තුළ COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ උත්සාහය වෙනුවෙන් ලබාදුන් සුවිශේෂී දායකත්වයක් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Uber Eats Sri Lanka හි ප්‍රධානී භාව්නා දද්ලානි මහත්මිය මෙසේ පැවසුවා ය.

“අප ශ්‍රී ලංකාවේ සේවාවන් ආරම්භ කිරීමෙන් අනතුරුව මේ දක්වා ගතවී ඇති වසර දෙකක කාලය තුළ, අපගේ ඩිලිවරි සේවා හවුල්කරුවන් විසින් පාරිභෝගිකයන්ට අතිවිශිෂ්ට සේවාවක් ලබා දී තිබෙනවා. සාර්ථකත්වය කරා
යාමට එකිනෙකට වෙනස් ක්‍රම සොයා ගැනීමට ශ්‍රී ලාංකිකයන් සතු හැකියාවට ඔවුන් හොඳ උදාහරණයක්. ශ්‍රී ලංකාව තුළ COVID-19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ උත්සාහයේදී සෞඛ්‍ය සේවාවන්හි සාමාජික සාමාජිකාවන්ට සහ ත්‍රිවිධ හමුදාවට සමීප සහයෝගයක් ලබාදෙමින් අපගේ ඩිලිවරි සේවා හවුල්කරුවන් ඉටුකළ සේවය මේ වනවිට
පුළුල් ලෙස ඇගයීමට ලක්වී තිබෙනවා. මේ සම්මාන, ඔවුන් රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර උදෙසා අපෙන් පිදෙන තිළිණයක් ලෙස හැඳින්වීමට පුළුවන්.“

Uber Eats සේවාවන් හා සම්බන්ධ වී නම්‍යශීලී ආදායම් අවස්ථා උදාකර ගනිමින් මූල්‍ය ස්ථාවරත්වය හා ස්වාධීනත්වය ළඟා කරගැනීමට ඇති හැකියාව පෙන්වා දී, ඩිලිවරි සේවා හවුල්කරුවන් තව තවත් දිරිමත් කිරීම හා ඔවුන් සවිබල ගැන්වීම Uber Eats ‘Delivery Bonanza’ වැඩසටහනේ තවත් අරමුණක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + fourteen =