ASUS සමාගම ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හා සුප්‍රකට බහුජාතික තාක්ෂණික ව්‍යාපාරයක් වන ASUS සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විශේෂිත අලෙවි මධ්‍යස්ථානය පසුගියදා කොළඹදී විවෘත කළේය.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ හා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත උපාංග හා විසඳුම් ලබා දීම සඳහාම වෙන් වූ කොළඹ නගර මධ්‍යයේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක් වන යුනිටි ප්ලාසා හි මෙම නවතම ASUS අලෙවි මධ්‍යස්ථානය පිහිටා ඇත. එමගින් ASUS ZenBook මාලාව, VivoBook මාලාව ඇතුළු පුළුල් පරාසයක ඉලෙක්ට්‍රොනික උපකරණ, පරිගණක දෘඩාංග Gaming series, ඇතුළුව වාණිජ පදනමින්, ව්‍යවසාය සහ ආයතනික ගනුදෙනුකරුවන් වශයෙන් නිෂ්පාදන ලබා ගැනීමේ අවස්ථාව හිමිකර දී තිබේ.

ASUS Sri Lanka සමාගමේ මෙරට අලෙවි විධායක ඉෂ්කි ඉර්ෂාර්ඩ් සහ Unity Systems Solutions හි අධ්‍යක්ෂ සහ හිමිකරු වන වසන්ත දිනුවන් විසින් පෙබරවාරි 23 වන දා වෙළඳ සැල විවෘත කරන ලද අතර එහිදී ASUS හි නවතම නිෂ්පාදන පෙළ ප්‍රදර්ශණය කරන ලදී. මෙහිදී දිනුවන් මහතා අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “රට තුළ ඉහළ ඉල්ලුමක් ඇති සන්නාමයක් වෙනුවෙන් ප්‍රථම වරට විශේෂ වෙළඳ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සත්කාරකත්වය දැක්වීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින්ම සතුටු වනවා. ASUS Millenials සහ Gen Z සඳහා විශේෂයෙන්ම Personal laptop සහ gaming laptop වශයෙන් විශේෂ ඉල්ලුමක් පවතිනවා. වෙළඳ නාමය සඳහා වූ විවිධාංගිකරණයකින් යුතු ඉල්ලුම සඳහා එකම ස්ථානයකින් විසඳුම් ලබා දීමට හැකි වීම පිළිබඳව අප නිහතමානිව ආඩම්බර වනවා.”

මෙහිදී අදහස් දැක්වූ ASUS Sri Lanka සමාගමේ මෙරට අලෙවි විධායක ඉෂ්කි ඉර්ෂාර්ඩ් මහතා “ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අතර ‘ASUS’ සන්නාමයක් ලෙස ස්ථාපිත වී තිබෙනවා. විශේෂයෙන්ම අපගේ නිෂ්පාදන විශාල වශයෙන් ජනප්‍රිය වීම සහ ඒ සඳහා වන ඉල්ලුම ඉහළ මට්ටමකට පැමිණීම මෙලෙස විශේෂ අලෙවි මධ්‍යස්ථානයක් පිහිටු වීමට හේතු සාධක වුණා. මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අප සතුටට පත්වන අතර දිවයින පුරා තවත් වෙළඳසැල් දියත් කරමින් අපගේ ප්‍රවේශය පුළුල් කිරීමට බලාපොරොත්තු වනවා. ඒ වගේම අපගේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට වඩා හොඳ සේවාවක් සහ සහයෝගයක් ලබා දීමට නිරතුරුවම කැපවී සිටිනවා. අන්තර්ජාලය හරහා සිදු කෙරෙන වෙළඳාම එලෙසම තබා අලෙවි මධ්‍යස්ථානයක් තුළ සිදු කෙරෙන වෙළඳාම පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි ඇති සුවිශේෂී බව වටහා ගත හැකි වනවා. ඒ භෞතික පරිශ්‍රයන් තුළදී පාරිභෝගිකයින්ට ඩිජිටල් විකල්පයක් ලබා දිය නොහැකි අමතක නොවන, උපායශීලී හා සංවේදී අත්දැකීමක් ලබා දිය හැකි වන නිසා. වෙළඳ නාමයක් ලෙස අපගේ අරමුණ පාරිභෝගිකයින් වෙත ගෙන යාම සඳහා අපගේ අලෙවි මධ්‍යස්ථාන වඩාත් දියුණු උසස් තලයකට ගෙන එන අතර රට පුරා තවත් ASUS විශේෂිත අලෙවි මධ්‍යස්ථාන විවෘත කිරීමට බලාපොරොත්තුවනවා.”

ASUS සමාගම notebooks, netbooks, motherboards, graphics cards, routers, network switches, සහ ආශ්‍රිත උපාංග ඇතුළු නිෂ්පාදන වල නව්‍යකරණය සහ ගුණාත්මකභාවය සඳහා වූ කැපවීම පිළිබඳව ඉහළ කීර්තියක් උසුලයි. එලෙසම පෞර්ෂවත් තාරුණ්‍යයේ විලාසිතාවන්ගෙන් හැඩ වූ compact portability, precision craftsmanship, uncompromising performance, product versatility ආදී විශේෂාංග වලින් සමන්විත මෙන්ම නව්‍යකරණ විසඳුම් අතින් උසස්ම මට්ටමක පවතින ASUS සන්නාමය කෙරෙහි තරුණ පරම්පරාව සුවිශේෂී කැමැත්තක් දක්වති.

ASUS සහ එහි නිෂ්පාදන පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර www.asus.com/lk වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *