(කොළඹ, ලංකාපුවත්) –මෙරට දැවැන්තම මූල්‍ය වංචාව හැටියට සලකෙන මහබැංකු මූල්‍ය වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු 08 දෙනා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුවක් ලබා දී තිබේ.
2016 මාර්තු මස පැවති බැදුම්කර වෙන්දේසියකුදී රුපියල් බිලියන 36.98 ක් වටිනා බැදුම්කර සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට මොවුන්ට චෝදනා එල්ල වී ඇත.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයක, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මෙහි විත්තකරුවන් වනවා. එම සමාගමේ අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කළ රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, මහබැංකුවේ නිළධාරීන් වන එස්. පදුමනාදන්, ඉන්දික සමක්කුමාර යන විත්තිකරුවන්ද රක්ෂිත බන්ධනාගාර කිරීමට නියම කෙරුණා. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අජාන් ගාර්ධිය පුංචිහේවා යන විත්තිකරුවන් තවදුරටත් විදේශගතව සිටින බව රහස් පොලීසිය අධිකරණය ඊයේ(17) දැනුම් දී ඇත.