‘අදානි පෝට්ස්’ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම හා එහි මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය විසින් ලබාදෙන ලද අනුමැතිය අනුව, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නිකුත් කරන ලද අභිලාශය ප්‍රකාශ කිරීමේ ලිපියක් ඉන්දියාවේ විශාලතම වරාය හා කාර්ය සම්පාදන සමාගම සහ අදානි සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම අනුබද්ධ සමාගමක් වනඅදානි පෝට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන්ස් (Adani Ports and Special Economic Zones – APSEZ) සමාගම වෙත ලැබී තිබේ.

එම අනුමැතිය යටතේ අදානි පෝට්ස් සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සීසහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග හවුල්කාරීත්වයකට එළඹෙනු ඇත. එමගින් රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර හවුල් ව්‍යාපෘතියක් ලෙස වසර 35 ක කාලයක් ආවරණය පරිදි කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා අයිතිය පැවරීම (BOT) සිදුකෙරේ.

මීටර් 1400ක් දිග නැංගුරම් ස්ථානයක් සමග මීටර් 20 ක ගැඹුරක් පවතින නිසා බටහිර පර්යන්තය ප්‍රතිනැව්ගත කිරීම් භාණ්ඩ මෙහෙයුම් සඳහා සුදුසුම පර්යන්තයක් වනු ඇති අතර එහි අතිවිශාල ප්‍රමාණයේ බහාලුම් නෞකා හැසිරවීමේ හැකියාව පවතී.

මෙම ව්‍යාපෘතිය මගින් බටහිර බහාලුම් පර්යන්තයේ බහාලුම් හැසිරවීමේ හැකියාව වර්ධනය වනු ඇති අතර ලොව කාර්යබහුලතම නෞකා ගමන් මාර්ගයක පිහිටි,උපායමාර්ගික වශයෙන් වැදගත් වරායක් ලෙස කොළඹ වරාය සතු වාසිසහගත තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොළඹ වරාය යනු ඉන්දියානු බහාලුම් ප්‍රතිනැව්ගත කිරීම් කටයුතු සහ ප්‍රධාන නැව් ගමන් මාර්ගයේ නැව් මෙහෙයුම් කටයුතු වලදී වැඩිම ප්‍රමුඛත්වයක් හිමිවන කේන්ද්‍රස්ථානය වන අතර, කොළඹ වරායේ සමස්ත ප්‍රතිනැව්ගත කිරීම් වලින් 45% ක්ම ඉන්දියාවේ අදානි පෝට්ස් සමාගමේ පර්යන්තයක් වෙත යැවෙන හෝ ඒ වෙතින් පැමිණෙන ඒවා වේ.

මෙම හවුල්කාරීත්වයමගින් ලැබෙන ප්‍රතිඵල පුළුල් පරාසයක විසිරී පවතින පවතින අතර,අදානි සමාගම ඉන්දියාව තුළ තමන් සතු වරාය 12 න් පර්යන්ත 7 කදී වාර්ෂිකව සම්මත අඩි 20 බහාලුම් (TEU) මිලියන 6 කට වැඩියෙන් හසුරවනු ලබන බැවින් මෙය අන්‍යොන්‍ය වශයෙන් වාසි සහගත පියවරක් වනු ඇත. මෙමගින් ප්‍රතිනැව්ගත කිරීම් ක්‍රියාවලිය පුළුල් හා වේගවත් වීඑම සේවාවන් දකුණු ආසියානු සාගර කලාපයේවිවිධාකාර වූ නැව්ගත කිරීම් ව්‍යාපාර සහ අනෙකුත් වරාය සේවාදයකයන් සඳහාද විවෘත වනු ඇති අතර එය ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් පුළුල් ලෙස වාසිසහගත වේ.

අදානි පෝට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන්ස් (APSEZ) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා පූර්ණකාල අධ්‍යක්ෂ කරන් අදානි මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “වරායක් සඳහා ඇතිකරගන්නා ඕනෑම හවුල්කාරීත්වයක්, රටවල් දෙකක් අතර පවතින අන්‍යොන්‍ය විශ්වාසය නැවත වරක් තහවුරු කිරීමක් වශයෙන් හැඳින්වීමට පුළුවන්. ඒ අනුව බලන විට බටහිර පර්යන්තය සඳහා ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය අංශ රැසකින් වැදගත් වනවා. මෙය ඉතිහාසයන් ගැඹුරින් එකට වෙළී ඇති අසල්වැසි රටවල් දෙකක් අතර පවතින ගැඹුරු හා අන්‍යොන්‍ය වශයෙන් වාසිසහගත උපායමාර්ගික සම්බන්ධතාව තවත් පියවරක් ඉදිරියට රැගෙන යාමක් වන අතර, මෙහිදී අප සම්බන්ධයෙන් තබන ලද ගැඹුරු වූ විශ්වාසය වෙනුවෙන් ඉන්දියානු රජයේ නායකයන්ටත්, ශ්‍රී ලංකා රජයේ නායකයන්ටත්, අපගේ ශ්‍රී ලාංකික හවුල්කරුවන්ටත් මා කෘතඥ වනවා. සමස්ත අර්ධද්වීපයටම ප්‍රතිනැව්ගත කිරීම් නිකුත් කරන ස්ථානයක් ලෙස කොළඹ වරාය සතු උපායමාර්ගිකවැදගත්කම සමග ඉන්දියානු වෙරළ තීරයේ අදානි සමූහය සතු බහාලුම් පර්යන්ත ජාලයේ හැකියාවන් එක්ව සැලකිල්ලට ගත්විට, ඉදිරි වසර කිහිපයේදී අංශ කිහිපයක් ඔස්සේ, අපගේ රටවල් දෙක අතර පමණක් නොව ඉන් එපිටද වර්ධනීය අවස්ථාවන් විවෘත වනු ඇතැයි අපට බලාපොරොත්තු වන්නට පුළුවන්.”

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “මේ වනවිට අත්‍යවශ්‍ය කටයුත්තක් වී පවතින කොළඹ වරාය පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමට මෙන්ම ඉන්දියාවේ ප්‍රමුඛතම වරාය මෙහෙයුම් සමාගම වන අදානි සමාගම සමග හවුල්කාරීත්වයකට එළඹීමට ලැබීම අපට මහත් සතුටක්.” වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඇතිකරගත් මෙම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය මගින් අදානි සමූහ ව්‍යාපාරය, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන ආයතන වල හැකියාවන්, විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් කරනු ඇති අතර එමගින් කොළඹ වරාය තුළදී ලොව විශාලතම බහාලුම් නෞකාවන්ට සේවාවන් සැලසීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි.

අදානි පෝට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන්ස් සමාගම පිළිබඳව:

ජාත්‍යන්තර වශයෙන් විවිධාංගීකරණය වූ අදානි සමූහයේ කොටසක් වන අදානි පෝට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන්ස් සමාගම (Adani Ports and Special Economic Zones – APSEZ) වරාය සමාගමක් ලෙස ආරම්භ වී පසුව ඉන්දියාවේ වරාය හා කාර්ය සම්පාදන පදනමක් බවට වර්ධනය වූ සමාගමකි. ඉන්දියාවේ විශාලතම වරාය සංවර්ධන හා මෙහෙයුම් සමාගම වන එය සතුව ගුජරාටයේ මුන්ද්‍රා, දහේජ්, ටූනාසහ හසීරා යන ප්‍රදේශ වලද, ඔඩීෂා හි ධම්රා ප්‍රදේශයේද, ගෝවේ මොර්මුගාඕ හිද, අන්ධ්‍රා ප්‍රදේශයේ විශාකාපට්නම්, ගංගාවරාම් සහ ක්‍රිෂ්ණපට්නම් යන ස්ථාන වලද, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දිඝිහිද, තමිල්නාඩුවේ කට්ටුපල්ලි සහ එන්නෝර්යන ස්ථාන වලද උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථාන 12 ක වරාය හා පර්යන්තයන් පිහිට තිබේ. මෙය ඉන්දියාවේ සමස්ත වරාය ධාරිතාවෙන් 24% ක් වන අතර එම වරායන් හා පර්යන්තයන්හිදී වෙරළබඩ ප්‍රදේශ ඇතුළුව තවත් ප්‍රදේශ රාශියක් සඳහා මහා පරිමාණයෙන් භාණ්ඩ හැසිරවීම සිදුවේ. මේ වනවිට එම සමාගම කේරළයේ විසින්ජම් හි ප්‍රතිනැව්ගතකිරීම් වාරයක් ඉදිකරමින් සිටී.

සමාගම සතු වරාය පහසුකම්, ඒකාබද්ධ කාර්ය සම්පාදන හැකියාවන්, සහ කර්මාන්ත ආර්ථික කලාප යනාදියෙන් සමන්විත ‘Ports to Logistics’ පදනම, ඉදිරියේදී ගෝලීය සැපයුම් දාමයන් පූර්ණ වෙනසකට ලක්වීමට නියමිත පසුබිමක් තුළ ඉන්දියාවට ප්‍රතිලාභ හිමිවීමේදී ඊට සමගාමීව ප්‍රතිලාභ හිමිකර ගැනීම සඳහා මැනැවින් ස්ථානගත වී ඇත. අපගේ දැක්ම වන්නේ ඉදිරි දශකය තුළ ලොව විශාලතම වරාය හා කාර්ය සම්පාදන පදනම බවට පත්වීම ය. 2025 වසර වනවිට කාබන් ශූන්‍ය තත්ත්වයට පත්වීමේ ඉලක්කය සමගින් ඉදිරියට යන APSEZ සමාගම, පූර්ව-කාර්මික යුගයේ පැවති මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5 ක් වැඩි මට්ටමක් දක්වා පෘථිවිය උණුසුම් වීම පාලනය කිරීම වෙනුවෙන් වායු විමෝචනයන් සීමා කිරීම ඉලක්ක කරගත් Science Based Targets Initiative (SBTi) වැඩසටහනට අත්සන් තැබූ ඉන්දියාවේ ප්‍රථම වරාය සමාගම සහ ලෝකයේ තුන්වැනි සමාගම වේ. වැඩි විස්තර සඳහා www.adaniports.com වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *