කොවිඩ් වසංගතය හේතුවෙන් රැකියා අහිමි වූ අයට දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රැකියාවට යාමෙි අපහසුතානිසා, අදාළ ආයතනය විසින් සේවයෙන් ඉවත්කිරීම හේතුවෙන් හෝ වෙනත් අපහසුතා හේතුවෙන් රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ සේවයේ නියුතුව සිටි අය පිළිබඳව තොරතුරු රැස්කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට පියවර ගෙන ඇත.

එවැනි සේවක සේවිකාවන්ට ලබාදිය හැකි යම් සහනයක් වේ නම් ඒ පිළිබඳ ව ඉදිරියේදී ක්‍රියාත්මක වීමේ අරමුණින් මෙම සංගණනය සිදුකරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

රැකියා අහිමි වූ අය තම නම, ලිපිනය, දුරකතන අංකය, සේවය කළ ස්ථානයේ ලිපිනය, සේවයෙන් ඉවත් කළ දිනය, එහි සේවා කාලය සහ අවසන් වරට ලැබූ මූලික වැටුප් යනාදිය පිළිබඳ තොරතුරු කම්කරු කොමසාරිස් (කාර්මික සබඳතා අංශය )11 මහළ, මෙහෙවර පියස කොළඹ 05 යන ලිපිනයට යොමු කරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා ඉල්ලා සිටියි.

2021 අප්‍රේල් 01ට පෙර මෙම තොරතුරු එවන ලෙසත් වැඩිදුර විස්තර 0112-368502 දුරකථන අංකයෙන් ලබාගත හැකිය

[email protected] ඊමේල් ලිපිනයට ද තොරතුරු එවිය හැකිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *