Uber Eats සේවාව දැන් කුරුණෑගලටත්

(කොළඹ, ලංකාපුවත්) – Uber Eats මේ වනවිට කුරුණෑගල ප්‍රදේශය තුළද තම සේවාවන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව කුරුණෑගල නගරය මෙරට Uber Eats සේවාවන් ක්‍රියාත්මක වන සිවුවැනි නගරය බවට පත්වී තිබේ. මින් ඉදිරියට කුරුණෑගල ප්‍රදේශයේ ජනතාවටද තමන් කැමති ස්ථානයක සිට ඉතාමත් පහසුවෙන් තම ප්‍රියතම ආහාරපාන ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

KFC සහ Pizza Hut වැනි ජාත්‍යන්තර සන්නාම මෙන්ම Dine Hut, ගැමිගෙදර, MyBurger, සහ The Hangout වැනි ජනප්‍රිය දේශීය ආපනශාලා ඇතුළුව ආහාරපාන අලෙවිසැල් 50 කට අධික සංඛ්‍යාවක් වෙතින් තම ප්‍රියතම ආහාරපාන ඇණවුම් කිරීමට දැන් කුරුණෑගල ජනතාවට අවස්ථාව ලැබී තිබේ.

එපමණක් නොව දැන් එම ප්‍රදේශයේ ජනතාවට ඩිලිවරි සේවා හවුල්කරුවන් ලෙස එක්වී අතිරේක ආදායමක් උපයා ගැනීමටද අවස්ථාව ලැබෙනු ඇත. මෙහි විශේෂත්වය වන්නේ තමන් කැමති වේලාවන්හිදී සහ තමන් කැමති ආකාරයට එම සේවාව ලබාදීමට ඔවුන්ට අවස්ථාව ලැබීමයි. මීට සමගාමීව තම ආහාරපාන වර්ග Uber Eats හි ප්‍රදර්ශනය කරමින්, වැඩි පාරිභෝගික පිරිසක් වෙත සමීප වීමටප්‍රදේශයේ ආපනශාලා වලටද මෙමගින් හැකියාව ලැබේ.

Uber Eats ‘දිවියට දිරිය’ වැඩසටහන යටතේ මේ වනවිට කාන්තාවන් සිය ගණනක්ද Uber Eats සේවාවන් සමග අත්වැල් බැඳගෙන සිටිති. ඉදිරියේදී කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවන් අතරද ව්‍යවසායකත්ව අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීමට Uber Eats අපේක්ෂා කරයි.

මේ සම්බන්ධයෙන් Uber EatsSri Lanka හි ප්‍රධානී භාව්නා දද්ලානි මහත්මිය අදහස් දැක්වූයේ මෙසේ ය. “ශ්‍රී ලාංකිකයන් වෙතින් අපට ලැබුණු උණුසුම් පිළිගැනීම නිසා අප රටේ වැඩි පිරිසකට සේවාවන් සැලසීම සඳහා උනන්දුවෙන් කටයුතු කරමින් සිටිනවා. මේ ආකාරයට දැන් කුරුණෑගල ප්‍රදේශයේ ජනතාවටත් සේවාවන් සැලසීමට අවස්ථාව ලැබීම අපට විශාල සතුටක්. රටේ අනෙක් ප්‍රදේශ වලදී අපට ලැබුණු පිළිගැනීම කුරුණෑගල ප්‍රදේශයේදීත් ලැබෙනු ඇති බව අපට විශ්වාසයි.”

කුරුණෑගල ප්‍රදේශයේ ජනතාවට රු. 500 ට වැඩි ප්‍රථම ඇණවුම් දෙක සඳහා රු. 250/- ක වට්ටමක් ලබාදීමටද Uber Eats කටයුතු යොදා ඇත. KNG250 ප්‍රවර්ධන කේතය භාවිතා කිරීමෙන් ඔවුන්ට මෙම වට්ටම ලබාගත හැකි වේ. මෙම දීමනාව වලංගු වන්නේ සීමිත කාලයක් සඳහා පමණි.

Uber Eats සේවාවන් ලබාගත හැකි ආකාරය ඉතාමත් පහසුය.

Uber Eats app බාගත (Download) කරගන්න -App Store හෝ Play Storeවෙත පිවිසී Uber Eats සොයන්න.
ඔබේ ගිණුම ලියාපදිංචි කරන්න – වලංගු ඊමේල් ලිපිනයක් හා ජංගම දුරකථන අංකයක් භාවිතා කර නව ගිණුමක් නිර්මාණය කරන්න.

ආහාරපාන ගෙනැවිත් භාරදිය යුතු ස්ථානය තෝරන්න – ආහාරපාන ගෙන්වා ගැනීමට අවශ්‍ය ලිපිනය සඳහන් කරන්න.

කැමති ආහාරපාන වර්ග සොයාගන්න -ආපනශාලා හෝ ආහාරපාන වර්ග අනුව ඔබට අවශ්‍ය දේ සොයාගත හැක. මිල, රුචිකත්වයන් සහ කෙතරම් ඉක්මනින් ඇණවුමට අදාළ ආහාරපාන ඔබ වෙත ලැබෙන්නේද යනාදී සාධක අනුව ඔබට ඇණවුම ලබාදිය හැකි වේ.

ඇණවුම ලබාදෙන්න – ඔබේ රුචිය අනුව අවශ්‍ය දේ තෝරාගෙන ඇණවුම් කරන්න.

කාඩ්පත් මගින් හෝ මුදලින් ගෙවන්න – ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවීම් කළ හැකි අතර, අවශ්‍ය නම් ආහාරපාන ලැබුණු විට මුදලින් ගෙවීම් කළ හැක.

ඇණවුම ලබාදීමෙන් පසු ආහාරපාන ඔබ වෙත ලැබෙන තෙක් – ඔබ ඇණවුම් කළ ආහාරපාන ඔබ වෙත ලැබෙන තෙක් ඒ සම්බන්ධයෙන් ඔබට සජීවීව යාවත්කාලීන කිරීම් ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *