මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 546 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මෙරටින් තවත් කොවිඩ් ආසාදිත එක් මරණයක් වාර්තාවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම මරණයත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 546 දක්වා ඉහළ යනු ඇත.

එලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවකි.

එම පුද්ගලයා පොළොන්නරුව රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී පසුගිය 19 වනදා මියගොස් ඇත.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *