realme ස්මාර්ට් ජංගම දුරකතනය ලොව මෙතෙක් නොදුටු කැමරා විශේෂාංග හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) –ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme, අන්තර්ජාලය ඔස්සේ සජීවීව පැවැත් වූ කැමරා ආශ්‍රිත නවෝත්පාදන උත්සවයක් අතරතුරදී, එළිදැක්වීමට නියමිත සුවිශේෂී ඡායාරූපකරණ ලක්ෂණ ඇතුළත් realme 8 seriesපිළිබඳ ව අනාවරණය කළේය.

මෙරට ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් වඩාත් ගුණාත්මකඡායාරූප ලබාදෙන, ලොව ප්‍රථම tilt-shift time-lapse video, starry time-lapse video සහ new portrait filters,ආදී විශේෂාංගයන් සමඟින් realme 8 series ස්මාර්ට් ජංගම දුරකථනය මෙරට තාරුණ්‍යය වෙත පිරිනැමෙයි.

In-sensor zoomසහිත 108MP සෙන්සරය

realme 8 series නවතම කැමරාව 1 / 1.52 ප්‍රමාණයේ සැම්සුන් 108 MPසෙන්සරයකින්සහ පික්සල් 12000 x 9000කHM 2 කැමරාවකින් සමන්විත වේ. දුරකථනයේ 3x මාදිලියේ නව සෙන්සරය මගින්Zoom කරනවිට, දුරකථනය එකවර 12MP ඡායාරූප අටක් ලබාගන්නා අතර, පසුව රූපයේ පැහැදිලිබව වැඩි කිරීම සඳහා ඒවා සුපැහැදිලි කිරීමේ ක්‍රමවේදයකට ඇතුළත් කරයි. එය Optical Telephoto කාචයකින් ලබාගන්නා ඡායාරූපයකට වඩා පැහැදිලි ය.

නව Starry Modeසහිත time-lapse වීඩියෝ

නව Starry Modeසහිතrealme ස්මාර්ට්ජංගම දුරකථනමගින් ලොව ප්‍රථමවරටstarrytime-lapse වීඩියෝ සංකල්පයහඳුන්වා දෙයි. Starrytime-lapse වීඩියෝ සාමාන්‍යයෙන් නිර්මාණය කෙරෙන්නේ වෘත්තීයමය කැමරා හරහා බහුවිධ ක්ලිප් මගින් ඡායාරූප ගැනීමෙන් පසුව, එම වීඩියෝ ක්ලිප් සංස්කරණ මෘදුකාංග හරහා පරිගණකයක් මඟින් සංස්ලේෂණය කර ඒකාබද්ධ කිරීමෙනි.

ඡායාරූප 30 ක් රූගත කිරීම සඳහා තත්පර 480කකාලයක්ගතවන අතර පසුවඑමගින්තත්පරයක කාල පරාසයක් සහිත වීඩියෝවක් නිර්මාණය වේ. එයින් අදහස් වන්නේ time-lapse මාදිලිය මගින් වීඩියෝවක් 480 ගුණයක වේගයෙන් පෙන්විය හැකි බවයි.

Tilt-shift ඡායාරූපකරණ ඇල්ගොරිතම

Tilt-shift ඡායාරූපකරණය සිදුකරනු ලබන්නේ මිල අධික tilt-shiftකාච ආධාරයෙනි.එහිදී ඡායාරූපයේ කොටසක් පමණක් පැහැදිලිව පෙනෙන අතර අනෙක් සියලුම කොටස් අපැහැදිලිව තබා ගත හැකිය. realme හි නව tilt-shift ඡායාරූප ඇල්ගොරිතම සමඟ, realme 8 seriesහිදී 10x tilt-shift time-lapseවීඩියෝවක් ලබා ගත හැකිය. realme 8 Pro යනු tilt-shift time-lapse වීඩියෝ ඇතුළත් ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකථනයයි.

නවීන ඡායාරූප ෆිල්ටර්

වර්තමානයේ බොහෝ ස්මාර්ට්ජංගම දුරකථන වල පසුබිමෙහි bokeh effect සහිත ආලේඛ්‍ය ඡායාරූප ලබා ගැනීමේ හැකියාව ඇත. realmeනවතාක්‍ෂණික ප්‍රවණතා සහිත සන්නාමයක් ලෙස, ඡායාරූපකරණයට අලුතින් යමක් එකතු කිරීමට සමත් විය. realme 8 seriesතුළින්ලබාගන්නා සෑම ඡායාරූපයක්ම නව සංකල්පයක් බවට පත් කිරීම සඳහා Neon Portrait, Dynamic Bokeh Portrait, සහ AI Color Portraitආදීවශයෙන් වන සුවිශේෂීෆිල්ටර් තුනක් අන්තර්ගත කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − 1 =