තායිලන්තය කොවිඩ් එන්නතක් අත්හදා බලයි

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් – 19 වෛරසයට එරෙහිව තායිලන්තය නව එන්නතක් අත්හදා බැලීම ආරම්භ කර තිබේ.

තායිලන්තයේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන මෙම එන්නත ඊයේ(22) අත්හදා බැලීම් ආරම්භ කර ඇති අතර එය ලබන වසර වන විට භාවිතය සදහා යොදාගත හැකිවනු ඇති බවට සෞඛ්‍ය අංශ සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මේ වන විට ඇස්ට්‍රා සෙනෙකා එන්නත එරට තුළ ලබා දීම ආරම්භ කර ඇති අතර මෙම වසර අවසානය වන විට මිලියන 61 ක සංඛ්‍යාවකට එන්නත ලබා දීමට ඉලක්ක කර ඇති බව සදහන්වේ. තායිලන්තයෙන් කොරෝනා ආසාදිතයින් 27876 දෙනෙකු හමුවී ඇති අතර එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 91කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *