කැළණිතිස්ස අප්‍රේල් 04 සිට යළිත් ජාතික විදුලිබල පද්ධතියට

(කොළඹ, ලංකාපුවත්) –තාක්ෂණික දෝෂයක් මත අක්‍රීයව තිබූ කැළණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය, මේ වනවිට යතා තත්ත්වයට පත්කර පරීක්ෂණ මට්ටමේ පවතින අතර අප්‍රේල් 04 දින නැවතත් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත බවත්, ලංකා විදුලිබල මණ්ඩල සභාපති විජිත හේරත් මහතා පවසයි.

කැළණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් පසුගියදා එය අක්‍රීය තත්ත්වයට පත්වූ අතර මෙම බිදවැටීම පසුපස යම් දූෂණ තත්ත්වයක් ඇතැයි යනුවෙනඇතැම් වෘත්තීය සමිති විසින් පතුරවන අසත්‍ය ප්‍ර‍චාරය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා අද (24) පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩල ශ්‍ර‍ණාගාරයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සභාපතිවරයා මෙම අදහස් පළ කරන ලදී.

ලංකා විදුලිබල මණ්ඩලයේ පූර්ණ හිමිකාරීත්වයෙන් යුත් මෙම විදුලි බලාගාරය 2003 වසරේදී විදුලි උත්පාදනය ආරම්භ කල අතර මෙගාවොට් 165 ධාරිතාවයකින් සමන්විත වේ. මෙයින් මෙගාවොට් 110 ක් ගෑස් ටර්බයින් මගින් ලබාගන්නා අතර ඉතිරි මෙගාවොට් 55 වාෂ්ප මගින් ලබාගනී.

2019 ජූලි 19 දින සිදුකරන ලද වාෂ්ප ටර්බයිනයේ අළුත් වැඩියාවකින් පසුව නැවතත් එය 2019 ඔක්තෝබර් 12 දින ජාතික විදුලි ප්දධතියට සම්බන්ධ කර තිබේ. නමුත් නැවතත් ගෑස් ටර්බයිනයේ යම් බිදවැටීම්ක් සිදුවී ඇත. ඒ අනුව ප්‍ර‍ධාන වශයෙන් සිදුකරනු ලබන අළුත්වැඩියා කටයුතු සිදුකරනු ලබන්නේ ටර්බයින සැපයුම්කාර ආයතනය මගින් වන බැවින්, මෙම ටර්බයින අළුත්වැඩියාව සදහා අදාළ ආයතනය වෙත යොමුකර ඇත. එහිදී එම ආයතනය විසින් මෙම ටර්බයින් අළුත්වැඩියාව සදහා එකගවී නොමැති අතර ඒ වෙනුවෙන් නව කොටස් දැමියයුතු බවට පවසා ඇත. ඒ අනුව විදුලබල අමාත්‍යාංශයේ ප්‍ර‍ම්පාදන කමිටු අනුමැතිය සහිතව Quartzs Electric සමාගම වෙත මෙම යන්ත්‍ර‍ අලුත්වැඩියාවට ඩුබායි රාජ්‍ය වෙත යොමුකර ඇත. ගෑස් ටර්බයිනය අළුත්වැඩියාව වෙනුවෙන් ඩොලර් මිලියන 1.27ක්, වාෂ්ප ටර්බයිනය අලුත්වැඩියාව වෙනුවෙන් ඩොලර් 850,000ක් සහ නැවත මෙම යන්ත්‍ර‍ ගෙනැවිත් සවිකිරීම වෙනුවෙන් ඩොලර් 75,000 ක මුදලක් එම සමාගම විසින් මිල නියමකර ඇත.

අදාළ සමාගම විසින් මෙම අළුත්වැඩියා කටයුතු අවසන් කිරීම 2020 ජූනි 20 වන දින ලෙස දැනුම්දී තිබුණද, කොරෝනා තත්තවය යටතේ එය ජූලි 13 දින වනවිට අවසන් කර තිබේ. ඉතිරි කටයුතු වෙනුවෙන් ඉන්දියාවේ චෙන්නායි වෙත යනව ලද යන්ත්‍ර‍ ප්‍රවාහනයේදී ඇති තිබෙන ප්‍ර‍මාදයන් හේතුවෙන් මෙම ටර්බයින නැවත ලැබී ඇත්තේ 2020.02 20 දින වේ.

ඒ අනුව මේ වනවිට පරීක්ෂණ තත්ත්වයේ පවතින කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය, නැවතත් එළඹෙන අප්‍රේල් මස 04 දින ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව පවසන ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, කැළණිතිස්ස බලාගාරය තුල යම් අක්‍ර‍මිකතාවයක් සිදුවී ඇතැයි යන ප්‍ර‍චාරය පිළිබදව සොයා බැලීමට ආචාර්ය බී. විජේරත්න, ලීලානන්ද රාජපක්ෂ, ලීලානන්ද සමරනායක සහ නලින්ද ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත සිව් පුද්ගල කමිටුවක් පත්කර ඇති බවද වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × three =