හෙට ශෝක දිනයක්

(කොළඹ, ලංකාපුවත්) –අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහනායක කොටුගොඩ ධම්මවාස හිමිපාණන්ගේ ආදාහන පුජෝත්සවය හේතුවෙන් හෙට (25) ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබේ.

උන්වහන්සේ විසින් සිදුකළ ජාතික, ආගමික හා ශාසනික සේවය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇත.

ආදාහන පූජෝත්සවය පවත්වනු ලබන නගර සීමාව තුළ ශෝක දිනයක් සේ සලකා හෙට දින කොළඹ දිස්ත්‍රික්කය තුළ මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුරාසැල් සහ මත්පැන් අලෙවි මධ්‍යස්ථාන වසා තැබීමටත් නියමිතය.

ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × three =