අමෙරිකාවේ ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් NDB බැංකුව 2021 වසරේ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව‘ ලෙස අභිෂේක ගන්වයි

(කොළඹ, ලංකාපුවත්) – 2020 වසරේද විශිෂ්ටතම බැංකුව ලෙස එක්සත්රාජධානියේ ‘ද බෑන්කර්‘සඟරාව විසින් කිරුළු පැළඳු NDB බැංකුව නැවතත් 2021වසරේද ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව‘ ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් ‘ග්ලෝබල් ෆිනෑන්ස්‘ සඟරාව විසින් තෝරාපත් කරගෙන ඇත.

ගෝලීය වශයෙන් පවත්නා මුල්‍ය සම්මාන උළෙලයන් කිහිපය අතරින් , ප්‍රධාන වශයෙන් සලකන මෙම ජාත්‍යන්තර සම්මාන අවස්ථා දෙකෙහිම සම්මානයට පාත්‍ර වීම NDB බැංකුවේ සුවිශේෂී අවස්ථාවක්වන අතර ශ්‍රී ලංකාවේ බැංකුවක් හෝ මුල්‍ය ආයතනයක් පිටපිටම මෙලෙස ජාත්‍යන්තර වශයෙන් ඇඟයීමට පත්වීම ඉතාමත් විරල අවස්ථාවක් ද වේ.

ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත බැංකු ආයතනය ලෙස NDB බැංකුව මඟින් ශ්‍රී ලංකා ආර්ථීකයට වනදායකත්වය සහ NDB බැංකුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදයද කොවිඩ් -19 වසංගතය ඇතිවීමත් සමඟම සිය පාර්ශවයන්ගේ මුල්‍ය සාර්ථකත්වය වෙනුවෙන් කැපවූ අයුරුත් ශ්‍රී ලංකා ආර්ථීක යාන්ත්‍රණය නිසියාකාරව පවත්වාගෙන යාමට දායකවුණු අයුරුත් මෙම ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ටතම බැංකුව‘ලෙස මෙම ද්විත්ව ජයග්‍රහණයන් ඔස්සේ මනාව පිළිඹිබු කරයි. තවද අමෙරිකා එක්සත් ජනපදයේ ‘ග්ලෝබල් ෆිනෑන්ස්‘ සඟරාවමඟින් ලද ජයග්‍රහණයත් සමඟම NDB බැංකුවට සිංගප්පුරු වේඩීබීඑස් බැංකුව ,ඕස්ට්‍රේලියාවේ කොමන්වෙල්ත් බැංකුව සහ ඇමෙරිකා බැංකුව වැනි ලොව ප්‍රමුඛපෙළේ බැංකු සමූහයක් සමඟ අත්වැල්බැඳ ගැනීමට අවස්ථාව ලැබී ඇත.

අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් ‘ග්ලෝබල් ෆිනෑන්ස්‘සඟරාව විසින් ලද සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් දක්වමින් NDB හිඅධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ, මෙම ජයග්‍රහණය පිළිගැනීමට NDB බැංකුව සමඟ අත්වැල් බැඳගනිමින්, ශ්‍රී ලාංකීය බැංකුකරණයේ NDB සන්නාමය ජාත්‍යන්තර තලයට ගෙනයාමට සිය සහය ලබාදුන් සියලූම ගනුදෙනුකරුවන්ට,කොටස්හිමියන්ට, අනෙකුත් පාර්ශවකරුවන්ට සහ NDB කාර්යය මණ්ඩලය වෙත සියහෘදයාංගම කෘතඥතාවය පළකරන බවයි.

ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාවෙහි ප්‍රකාශක සහ කර්තෘ අධ්‍යක්ෂ ජෝශප් ඩී. ගයෑරපුටෝ විසින්කරන ලද ප්‍රකාශය අනුව, ‘ලොවපුරාම ආර්ථීක ස්ථායිතාවයන් සඳහා බැංකු විශාල කාර්යය භාරයක්ඉටුකරයි. අපගේ විශිෂ්ටතම බැංකු සම්මානයන් මඟින් ඉස්මතු කරන්නේ බැංකු සහ මුල්‍ය අංශ වර්ධනය යථා තත්ත්වයට පත්කිරීමට සහ ඔවුන්ට ඉදිරියට මඟ සාදා දීමයි. ගෝලීය කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සිදුවූ ආර්ථීක තත්ත්වයන් සැලකිල්ලටගෙන, ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාවෙහි වසර 28 ක ඉතිහාසයේ අත්දැකීම් පාදක කොටගෙන කරන ලද, 2021 වසරේ ඇඟයීම් වඩාවැදගත් හා වටිනා බව‘ ඔහු තවදුරටත්පැවසීය.

සූක්ෂම තෝරා ගැනීමේ ක්‍රියාවලියක් යටතේ ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව පුවත්පත්නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ‘2021 වසරේ සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් වන්නේ පසුගිය දුෂ්කරකාල සීමාවන් තුල සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ප්‍රවේශමින් විශ්ලේෂණය කර විසඳීමට මුල්‍ය සහ උපදේශන සේවා ලබාදෙමින් ඔවුන්ගේ ව්‍යාපාරික සහ මුල්‍ය අනාගතය සඳහා අඩිතාලම දැමූ ශක්තිමත් ප්‍රතිඵල ලබා ගත් බැංකු බවයි. ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාවෙහි සංස්කාරවරුන් විසින් ආයතනික මූල්‍ය ප්‍රධාන විධායක නිලධාරීන්, බැංකුකරුවන් හා බැංකු උපදේශකයින් සහ මුල්‍ය විශ්ලේෂකයින් සමඟ පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව සියලූම තේරීම් සිදුකරන ලදී. මෙම විශිෂ්ටතම බැංකු තෝරාගැනීමේදී ග්ලෝබල් ෆිනෑන්ස් විසින් සලකා බැලු ප්‍රධාන නිර්ණායක කීපයක් වන්නේ වත්කම්වල වර්ධනය, ලාභදායිතාවය, භූගෝලීය ප්‍රවේශය, උපායමාර්ගික සම්බන්ධතා, නවව්‍යාපාර සංවර්ධනය සහ නිෂ්පාදනවල නව්‍යකරණය, ණය ශ්‍රේණිගත කිරීම් බව තවදුරටත් මෙම පුවත්පත් නිවේදනය මඟින් සඳහන් කරයි.

කොවිඩ් -19 ව්‍යසනයේ අභියෝග නොතකා, NDB සමූහය 2020 වර්ෂය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යය සාධනයක් වාර්තා කළඅතර, සිය පාරිභෝගිකයින්ගේ ජිවන රටාව මුල්‍යස්ථාවරත්වය මඟින් පුනර්ජීවනයට හා සමෘද්ධියට පත්කිරීම උදෙසා සියපාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය සහය ලබා දීමට කැපවූ ආයතනය විය. කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාරවල කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා වැදගත් සහයක් සැපයීම අරමුණු කරගත් සෞභාග්‍යාපුනරුද ණය පහසුකම යටතේ සිව්වන විශාලතම ණයසපයන්නා ලෙස NDBබැංකුව ඉස්මතු විය. තවද බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණ පුරෝගාමියා ලෙස ප්‍රගතිශීලී දියුණුවක්ද සිය ගනුදෙනුකරුවන්ට විඳගැනීමට මෙන්ම ඩිජිටල්කරණය මඟින් බැංකු සහ මුල්‍ය විසඳුම්ද මෙම නව්‍යකරණ ඩිජිටල් පද්ධති තුලින් මෙහෙයුම්වල කාර්යක්ෂමතාව ඉහළනැංවීම ද සිදුවිය.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා නෝර්වීජියානු මුල්‍ය සංවර්ධන ආයතනයවන නෝර්ෆන්ඩ් විසින් NDB බැංකුවේ ආයෝජනය කිරීමක්ද සිදුවිය. මෙම ආයෝජන සැලසුම් ප්‍රකාරව බිලියන 8ක හිමිකම් නිකුතුවකට දායකත්වය ලබාදෙන බව නිවේදනයකර ඇත. මෙම නෝර්ෆන්ඩ් මුල්‍ය සංවර්ධන ආයතනය විසින් ශ්‍රී ලංකාවේ කරනු ලබන පළමු ආයෝජනය මෙයවේ. NDB බැංකුව වසර 40ක් පුරා දේශීය හා විදේශීය සම්මාන 60කට අධික ප්‍රමාණයකට හිමිකම් දරන අතර ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය බැංකුකරණ සේවයේ විශ්වාසවන්ත පුරෝගාමියාද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *