එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර විදුලිය නැති සැමට විදුලිය

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් වසංගතය පාලනය කරමින් එන්නත්කරන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට රජයට හැකිවූයේ නිවැරදි දේශපාලන නායකත්වය නිසා යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

සිංහල අලුත් අවුරුද්දට පෙර සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවෙස් විදුලියෙන් ආලෝකමත් කරන බවද පසුගියදා මිනුවන්ගොඩ පැවැති රැස්වීමකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

“සැමට විදුලිය” තේමාව යටතේ මෙරට විදුලිය නැති සියලු නිවෙස්වලට විදුලිය ලබා දීමේ වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව දැනුම්වත් කිරීම සඳහා මෙම රැස්වීම සංවිධානය කර තිබිණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ 4557ක් මෙම වැඩපිළිවෙළ යටතේ සිය නිවෙස් සඳහා විදුලිය ලබා ගැනීමට අයැදුම් කර ඇත.

මෙම නිවාස සඳහා විදුලි සම්බන්ධතාවය නොමිලේ ලබාදීමට නියමිත අතර නිවාස වයරිං කිරීම ඇතුළු ඊට අදාළ කටයුතු සම්පාදනය කර ගැනීම සඳහා සමෘද්ධි බැංකුව හරහා රුපියල් 20000ක ණය මුදලක් ලබා දෙයි. මේ වන විට සමෘද්ධි බැංකුවෙන් ණය පහසුකම් ලබාගෙන එම ණය නොගෙවීම නිසා නැවත ණය පහසුකම් ලබා ගැනීමට නොහැකිව සිටින අයටද ණය නොගෙවීම නොසලකා නව ව්‍යාපෘතියක් ලෙස සලකමින් මෙම ණය මුදල ලබාදීමට අපේක්ෂිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *