නවොත්පාදකයින් 62ක් ‘ඉ-ස්වාභිමානී‘ ඇගයුමට

(කොළඹ, ලංකාපුවත්) – 2020 ඉ-ස්වාභිමානී ජාතික සම්මාන උළෙලේදී සමාජ සුභ සිද්ධිය සදහා බල පෑමක් කළ හැකි නවෝත්පාදකයින් හැට දෙදෙනෙකු 62 ඇගැයුමට ලක්වේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 10වන වරටත් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබු අතර කොළඹ හිල්ටන් හෝටලයේ සම්මාන ප්‍රදානය පසුගියදා පැවැත්විණි.

රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුභසාධනය, ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා හරිත බලශක්තිය, සංස්කෘතිය හා සංචාරක ව්‍යාපාරය, සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය, ව්‍යාපාර හා වානිජ්‍ය, අන්තර්ග්‍රහනය හා බලගැන්වීම, ඩිජිටල් විනෝදාස්වාදය, යොවුන් කාණ්ඩය යන මුලික තරග කාණ්ඩ යටතේ මෙම සම්මාන පිරිනැමිණ.

මෙහිදී සම්මාන ප්‍රදානයට පාත්‍ර වු මෘදුකාංග සහ යෙදවුම් හතක අන්තර්ජාතික වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය සදහා ඉදිරිපකර තිබු අතර එහිදී රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය යන තරග කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවට ජයග්‍රහනයක් හිමිවීම විශේෂත්වයක් විය.

මෙවර සම්මාන සදහා වාර්තාගත නව නිර්මාණ ප්‍රමාණයක් ඉදිරිපත්වී තිබිණ .

සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ට උපදේශක ලලිත් වීරතුංග මහතා සහභාගි විය.තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා, ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බි හේරත් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වුහ.

සෞඛ්‍ය මාර් ගෝපදේශයන්ට අනුකූලව මෙවර සම්මාන ප්‍රදානෝත්සවය සහ මුලික තරග කටයුතු සිදු කිරීම විශේෂත්වයක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *