අතිපූජ්‍ය කොටුගොඩ මහ නාහිමියෝ රාජ්‍ය ගෞරව මැද දැයෙන් සමුගනිති

(කොළඹ, ලංකාපුවත්) – ශාසනයට අනුපමේය සේවයක් කළ අමරපුර නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් ශාසන මෙහෙවර නිමවා ඊයේ(25) දැයෙන් සමුගන්නා ලදි. උත්තරීතර මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වුනි.

ගල්කිස්ස ධර්මපාලාරාමයේ තැන්පත් කර තිබූ උන්වහන්සේ‌ගේ ශ්‍රී දේහය රැගත් විශේෂ රිය පෙරහර එම විහාරස්ථානයේ සිට නිදහස්ච චතුරස්‍රය දක්වා ගමන් කළේය. නිදහස් චතුරස්‍රයේ ශ්‍රී දේහය තැන්පත් කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් පැවැත්වුණි.

මතක වස්ත්‍ර පූජා කිරීම අමරපුර මහානිකායේ අමරපුර පාර්ශ්වයේ වැඩබලන මහානායක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජ්‍ය කහපොල සුගතරතන ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් සිදු විය. අමරපුර නිකායේ සභාපති හා වැඩබලන මහානායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි ස්වාමීන්වහන්සේ සහ සියම් මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි යන ස්වාමීන්වහන්සේ මෙහිදී අනුශාසනා පැවැත්වුවාය.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද මෙහිදී විශේෂ ගුණකථනයක් සිදු කරන ලදි.

අදාහන පූජ්‍යතෝසවයට එක්ව සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී සදහන් කළේ ශාසන සම්ප්‍රදාය රැකගනිමින් ජාතික ආගමික ගැටලුවලදී රට වෙනුවෙන් තම මෙහෙවර ඉටු කළ යථිවරයානාන් වහන්සේ නමක ලෙස මහානාමියන්ගේ නාමය ඉතිහාසයට එක් වන බවයි.

මහාසංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්, මහජන නියෝජිතයින් මෙන්ම විදෙස් තානාපතිවරුන් ඇතුළු පිරිසක් ද ආදාහන පූජෝත්සවයට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *