අප්‍රේල් 01වනදා සිට රජයේ මිලට සහල් ලබාදිමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු සුපිරි වෙළදසැල්, සතොස, සමුපකාර වෙළදසැල්වලට අප්‍රේල් පළමුවනදා සිට රජයේ මිලට සහල් ලබාදිමට පියවරගෙන ඇතැයිකෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ අනුව නාඩු රුපියල් 97 ට, සුදු හා රතු කැකුලු රුපියල් 95 ට අලෙවි කිරිමට පියවර ගැනේ.

සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළදසැල්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ඊයේ(25) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවිය.

එහිදි අදාල මිල ගණන් යටතේ වි අලෙවි මණ්ඩලය හරහා ලබාදෙන සහල් අලෙවි කිරීමට ඔවුන් එකඟවිය. මාස තුනකට අවශ්‍ය සහල් මෙම ආයතනවල ප්‍රාදේශිය වෙළදසැල් 4,000 ක ජාලය හරහා දිවයිනපුරා මිලට ගැනිමට ලබන පළමු වනදා සිට අවස්ථාව හිමිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *