බස්නාහිර පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු යළි ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු අද(29) ආරම්භවිය.

කොරෝනා වෛරසය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් දීර්ඝ කාලයක් වසා තැබුණි.

පසුව 5 , 11 හා 13 යන ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ආරම්භ කෙරුණි.

සෞඛ්‍ය උපදෙස් අනුව සියලු ශ්‍රේණි සඳහා අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට මේ වන විට තීරණය කර තිබේ. දිගින් දිගටම පාසල් වසා තැබීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට දැඩි බාධාවක් එල්ල වේ. ඒ හේතුවෙන් සෞඛ්‍යාරක්‍ෂාවට මුල්තැන දෙමින් පාසල් පවත්වාගෙන යාම සඳහා අදාළ විදුහල්පතිවරුන්ට මේ වන විටත් උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් රථ , වෑන් රථ හා පොදු ප්‍රවාහන සේවාවල ද සෞඛ්‍යාරක්‍ෂක උපදෙස් නිසි ලෙස පිළිපැදිය යුතු බව පොලීසිය පවසන්නේ. නිරෝධායන නීතිය කඩ කරන එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *