ඇඟිලි තුඩින් ගන්නා රුධිර බිඳුවකින් කොවිඩ් පරික්ෂා කළ හැකි නව ක්‍රමයක්

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 වෛරස ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක් මෙරට මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ද ඇතුළත් ඔක්ස්ෆර්ඩ් සරසවි විශේෂඥ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.

කොවිඩ් වෛරස් ප්‍රතිදේහ පරීක්ෂා කෙරෙන මෙම පරීක්ෂණය ඇඟිලි තුඩකින් ලබා ගන්නා රුධිර බිඳුවකින් සිදු කරනු ලබන අතර එය ඉක්මන් හා භාවිතයට ඉතා පහසු ක්‍රමවේදයක් බව පර්යේෂකයින් පවසයි.

මෙම පර්යේෂණය සඳහා නියැඳි 3,000ට වඩා පරීක්ෂා කළ බවත්, විශේෂඥ කණ්ඩායමට මෙරටින් එක්වූ මහාචාර්ය නිලීකා මලවිගේ Twitter පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මූලික අත්හදා බැලීම්වලදි ඉතා සාර්ථක ප්‍රතිපල පෙන්වූ මෙම පරීක්ෂණය සාර්ථකව ප්‍රතිදේහ ජනනය කළ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා භාවිත කිරීමට හැකි බව පර්යේෂකයින් පවසයි.

මෙම පර්යේෂණය සදහා ශ්‍රී ලංකාව, තායිවානය, ඉන්දියාව, තායිලන්තය සහ ප්‍රංශය යන රටවල විද්‍යාඥයින් මෙන්ම බ්‍රිතාන්‍ය‌යේ පර්යේෂකයින් කණ්ඩායමක් ද එක්ව සිටි බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *