මෙරටින් තවත් කොවිඩ් මරණ 05ක්

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොවිඩ්-19 ආසාදිත රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(29) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 566කි.

එලෙස මරණයට පත්ව ඇත්තේ ඇතුල්කෝට්ට ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 71 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 166ක් වේ.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 92,303ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 88,914කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *