රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධුරය ගැන තීරණය අද

(කොළඹ, ලංකාපුවත්) – රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ නියෝගය අද(05) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

රන්ජන් රාමනායක මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නියෝගය අද දින නිකුත් කිරීමට දින නියම කර තිබේ.

පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් තමාව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රන්ජන් රාමනායක මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =