කොවිඩ් මරණ ගණන තවදුරටත් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 02ක් ඊයේ (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකඵ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 581 දක්වා ඉහළගොස් තිබේ.

පන්සියගම ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් අප්‍රේල් මස 02වනදා මිය ගොස් ඇති අතර මොරොන්තොට ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කෑගල්ල ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මාර්තු මස 18වනදා මෙලෙස මිය ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *