දකුණු ආසියාවේ ක්‍රියාශීලීම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා

(කොළඹ, ලංකාපුවත්) –දකුණු ආසියාවේ ක්‍රියාශීලීම රට බවට අපේ රට පත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

එහි එක් අදියරක් ලෙස ‘ෆැමිලි රන් සැටඩේ‘ ලබන 10 වනදා සිට ඇරඹෙන බව අමාත්‍යවරයා සදහන් කළේය.

නිරෝගී පරපුරක් බිහි කිරීමේ අරමුණින් පවුලේ සියලු සාමාජිකයන් ව්‍යායාමයට යොමු කිරීම මෙහි අරමුණයි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය ,ශ්‍රී ලංකා පොලීසිය හා ලංකා ස්පෝට් රයිසන් එක්වයි මෙය සංවිධාන කරයි. ෆැමිලි රන් සැටඩේ සමාරම්භක වැඩසටහන ලබන 10 වනදා තුරග තරග පිටිය අසලින් උදෑසන 6 ට ආරම්භ වීමට නියමිතය.

කිලෝමීටර 5 ක දුර ප්‍රමාණයක් සහිත මාර්ගයක දිවීම සිදු කිරීමට නියමිත අතර මාර්ගය තුළ වෛද්‍ය හා පෝෂණ ස්ථාන කිහිපයක් ද ස්ථාපනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *