දිල්ෂි මීටර් 800 කාන්තා ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –දිල්ෂි කුමාරසිංහ මීටර් 800 කාන්තා ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට අද(09) සමත් විය.

ඒ, කොළඹ සුගතදාස ක්‍රීඩාගංනයේ මේ වන විට පැවැත්වෙන ජාතික මළල ක්‍රීඩා තේරීම් තරඟාවලියේදිය.

විනාඩි 2 යි තත්පර 02 යි දශම 52 ක කාලයක් වාර්තා කරමින් දිල්ෂි මෙම නව ශ්‍රී ලංකා වාර්තාව තබා තිබේ.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ද සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් දිල්ෂි කුමාරසිංහට සුබ පැතුම් එක් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − one =