මෙරට කොරෝනා මරණ 598ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොවිඩ් මරණ 02ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(11) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 598ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බද්දේගම ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *