යල කන්නයේ සිට පොහොර ගන්න පස පරික්ෂා කිරිමේ වාර්තාව අනිවාර්යයි

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන යල කන්නයේ සිට පොහොර ලබා දීමට පස පරීක්ෂා කිරීමෙන් පසු වාර්ථාව අනිවාර්‍ය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඉතිහාසයේ පළමු වතාවට දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක තුළ ඉඩම්වල පස පරීක්ෂා කිරීමෙන් පසුව පොහොර ලබා දීමේ ජාතික වැඩපිලිවෙලක් ආරම්භ කොට ඇත.

සියලු ගොවිජන සේවා මධ්‍යස්ථානවලට පස පරීක්ෂා කිරීමේ කට්ටල ලබා දෙමින් ගොවියාට පහසුවෙන් පස පරීක්ෂා කිරීමේ වාර්ථාව ලබා ගැනීමේ අවස්ථාව ලැබෙන බව පසුගියදා ජාතික වැඩසටහනේ සමාරම්භය මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ කරමින් ඇමතිවරයා පැවසීය.

මෙහිදී කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් සහ කෘෂි උපදේශකවරුන්ට පස පරීක්ෂා කරන්නේ කෙසේද,එම කට්ටල භාවිතා කරන්නේ කෙසේද ගොවි ජනතාව ඒ සම්බන්ධයෙන් තාක්ෂණයෙන් සන්නද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුම ලබා දීම සිදු කෙරේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ජාතික වැඩසටහන ආරම්භ වු අතර ඉදිරියේදි දිස්ත්‍රික්ක විසිපහම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

පස පරීක්ෂා කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයේදී අදහස් දැක් වු අමාත්‍ය මහින්දානන්ද මහතා මෙසේ ද පැවසීය.

“අපේ රටේ කෘෂිකර්මයට වසර 2500ක ඉතිහාසයක් තියනවා.එදා මෙදාතුර ඉතිහාසයේ තවත් සුවිශේෂී දවසක් අද.අපේ රටේ ගොවියා හිතුවේ වැඩියෙන් පොහොර දැම්මොත් වැඩියෙන් අස්වැන්න ලැබෙනවා කියලා මනසේ ඇදිලා තිබුණේ.එහෙම පස පරීක්ෂා කරලා පොහොර භාවිතය පිළිබඳව ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න මෙතෙක් බැරි වුණා.

මේක ක්‍රියාත්මක කරන්න වෙහෙසුනත් විශාල ධනස්කන්ධයක් මේ වෙනුවෙන් වැය වුණත් කිසි කෙනෙක්ට මෙය කරන්න බැරිවුණා.

මොකද පොහොර ආනයනකරුවන් ඒ වැඩපිලිවලට වඩා ඉදිරියෙන් හිටියා.රටට පොහොර ගේන්න උවමනා වුණා මිසක් රටට වෙන හානිය,ගොවියට වෙන හානිය,පොළොවට වෙන හානිය කවුරුවත් සැළකුවේ නෑ.
පස පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන රටපුරා මිලියන ගණන් වැය කර ඉදිකර තිබුණත් දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛන උපදෙස් දීලා තිබුණත් එය මහ පොළොවේ යථාර්තයක් වෙලා තිබුණේ නෑ,දවසින් දවස පොහොර ඉල්ලුම වැඩිවුණා මිසක්.

ජනාධිපතිතුමා එතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ පැහැදිලිව කියලා තියනවා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොරවලට යොමු වන බවත් වස විසෙන් තොර ආහාර ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවත්.

ඒ අනුව ඊළග කන්නයේ සිට පොහොර ලබා දෙන්නේ ගොවි හැදුනුම්පත මගින් පස පරීක්ෂා කිරීමෙනි.
ගොවි හැදුනුම්පත වගේම සියලු විස්තර ජායාරූප සහිතව සකස් කර ඉඩමේ පස් පරීක්ෂා කිරීමේ වාර්ථාව අපි ගොවියා අතට දෙනවා.

ඒ කාඩ්පත අනුවයි ඊළගසිට කන්නයේ පොහොර නිකුත් කරන්නේලබා දෙන්නේ පස පරික්ෂාව ගොවි හැදුනුම්පත සමාන සියලු විස්තර ජායාරූප සහිතවසකස් කර ඉඩමේ පස පරීක්ෂා කිරීමේ වාර්තාව අපි ගොවියා අතට දෙනවා..අපි කවුරුත් මේ ගැන කතා කරන්නේ නෑ.අන්ධ ළමයි උපදිනවා,වකුගඩු රෝගීන්,පිළිකා රෝගීන් රටේ වැඩිවෙනවා රසායනික පොහොර භාවිතය නිසා.

මේ වැඩසටහන මීට පෙර පටන් ගත්තා නම් අද මේ රෝගීන් නෑ.මේ රෝග නිවාරණයට මිලියන ගණන් වියදම් කරනවා.නියමිත විදියට පොහොර භාවිතා කළා නම් අද අපේ රටේ තත්ත්වය ගොඩක් වෙනස්. පහුගිය අවුරුදු පහේම පොහොර නෙවෙයි ගොවියට දීලා තියෙන්නේ වස.පරික්ෂණාගාර වාර්ථා වෙනස් කරලා පොහොර සංඝටක වෙනස් කරලා ටී.එස්.පී. පොහොර ගෙන්නලා තියෙන්නේ.

විගණන වාර්ථාව මේ පිළිබඳ සියලු විස්තර නිකුත් කරලා තියනවා.පොහොර ආනයනකරුවන් කලේ සාම්පල් ටික ප්‍රමිතියට දීලා බාල පොහොරගෙන්නුවා.රාජ්‍ය නිලධාරීන්,මැති ඇමතිවරු ඔක්කොම අල්ලගෙන පරීක්ෂණ වාර්ථා වෙනස් කරලා,වස ගෙනල්ලා ගොවියට කවලා.

2019 විතරක් බිලියන 1.5ක පොහොර මෙට්‍රික් ටොන් අසූ එක් දාහක් ගෙන්නලා තියනවා.ඒ ටිකට විතරක් රසායනාගාර වාර්ථා 55ක් වෙනස් කරලා තියනවා. ඒ අවුරුදු පහේම මඩ පොහොර කියලා දීලා තියෙන්නේ වස.
පසුගියදා අපි මේ ප්‍රමිතීන් වෙනස් කරලා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ටෙන්ඩර් කළා.කිසිම ආනයනකරුවෙක් ඉල්ලලා නෑ.

මොකද අපේ ප්‍රමිතියට පොහොර ගෙන්වන්න එයාලට බෑ.බැර ලෝහ ප්‍රමාණය වැඩීපොහොර ඒ අය ගේන්නේ.පහුගිය රජය මේ විදියට පොහොර ගෙන්නලා තියෙන්නේ කියලා විගණන වාර්ථාවේ පැහැදිලිව කියලා තියනවා.

මේ වැඩසටහන ප්‍රතිපාදන නොමැතිව යම් යම් තරමක් පරක්කු වුණත් ලෝක ආහර සංවිධානය හා අනෙකුත් අමාත්‍යාංශවල සහයත් ඇතිව අපට මෙම වැඩසටහන පළමු වතාවට ක්‍රියාත්මක කරන්න පුලුවන් වුණා.
මින් ඉදිරියට පොහොර නිකුත් කරන්නේ පස පරික්ෂණ වාර්ථාවේ නිර්දේශවලට පමණයි.මොනම හේතුවක් නිසාවත් මේක වෙනස් කරන්නේ නෑ.

පොහොර ආනයනය 50% කින් අඩුවේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.සමහර තැන්වලට පොහොර අවශ්‍ය නෑ.නිකන් දෙන නිසා පොහොර දානවා.පොහොර භාවිතයෙන් මිනිස්සුන්ට වෙච්ච හානිය කොතෙක්දැයි කියා ගණන් කරන්න බෑ.

ඕස්ටේලියාවේ හෙක්ටයාරයකට කිලෝග්‍රැම් 50ක් පමණ යොදන්නේ.
ඒත් ලංකාවේ කිලෝග්‍රෑම් 300ක් හෙක්ටයාරයකට යොදනවා.මෙලෙස අධික ලෙස රසායනික පොහොර භාවිතා කරනවා.පස විනාශ වෙලා තියෙන්නේ රසායනික පොහොර නිසා.අතිගරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව මේ රටේ කෘෂිකර්මයෙන් නිෂ්පාදනය කළ හැකි සියලු දේ මෙරට තුලම නිෂ්පාදනය කිරීමටයි.70% ක් රසායනික පොහොර වලටත් 30%ක් කාබනික පොහොර වලටහ් පළවෙනි අදියරේදී ගොවියන් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.

එක පාරටම මේක වෙනස් කරන්න බෑ.ඒක නිසා අපි ක්‍රමක්‍රමයෙන් වෙනස් කරලා 100%ක් කාබනික පොහොරවලට යොමු කිරීමට කටයුතු කරනවා.

එම නිසා පස පරීක්ෂා කිරීමේ කට්ටල ලබා දීලා මේ විදියට ජාතික වැඩසටහනක් ආරම්භ කරන්නේ.ගොඩක් අය අහනවා මේ ආණ්ඩුව මොකද්ද කළේ ලියලා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 17 =