”සිටි බස් ”සේවාව ව්‍යාප්ත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලබාදීමට හඳුන්වාදුන් “පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස්“ සේවාව ඉදිරි සති කිහිපයේ දී පිළියන්දල 120 බස් මාර්ගයට සහ ගාලු පාරේ, මොරටුව – කොළඹ බස් මාර්ගයට මෙන්ම දිවයිනේ තවත් ප්‍රධාන නගර කිහිපයකටම ව්‍යාප්ත කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම්කර තිබේ.

දැනට කොළඹ ආශ්‍රිත බස් මාර්ග 4ක පමණක් ධාවනයට යොදවා ඇති ”සිටි බස් ” රථවලින් සැලකිය යුතු ආදායම් ඉපයීමක්ද සිදුවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *