නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ‘මිහිකතට අවුරුදු’ සමගින් මෙවර සිංහල හා ‍දමිළ අලුත් අවුරුද්ද සමරයි

(කොළඹ, ලංකාපුවත්) – මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව නව ‘අවුරුදු ගනු දෙනු’ චාරිත්‍රයක් ලෙස ‘මිහිකතට අවුරුදු’ නමින් සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්කර ඇත. 2021 අප්‍රේල් 12 වැනි දින සිට 18 වැනි දින දක්වා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නව ගිණුමක් විවෘත කරන සෑම ගනුදෙනුකරුවෙකු වෙනුවෙන්ම පැළයක් බැගින් රෝපණය කිරීමට ‘මිහිකතට අවුරුදු’ වැඩසටහන හරහා බැංකුව කටයුතු කර ඇත.

‘මිහිකතට අවුරුදු’ ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලාංකිකයන් තුළ පරිසර සංරක්ෂණය පිළිබඳව උනන්දුව වර්ධනය කිරීම ඉලක්කගත කරන අතර, පරිසර අමාත්‍යාංශය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ‘නැකතට පැළයක්’ ව්‍යාපෘතියට ද මෙමගින් සහයෝගය ලබා දීම සිදුකරයි. දකුණු පළාතේ හියාරේ වැසි වනාන්තරය තුළ අක්කර 01 පමණ භූමියක් තෝරා ගනිමින් අලුත් අවුරුද්ද සඳහා ‘ගනුදෙනු’ චාරිත්‍රය ඉටුකිරීම වශයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ‘මිහිකතට අවුරුදු’ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.

“සිංහල දමිළ අලුත් අවුරුද්ද කියන්නේ පරිසරය හා සෞභාග්‍යය සමග බැඳුනු ශ්‍රී ලාංකිකයින්ගේ වැදගත්ම සංස්කෘතික උත්සවයක්. සමාජ වගකීමකින් යුතු බැංකුවක් වශයෙන් අපගේ ගනුදෙනුකරුවන්ගේ සහභාගීත්වයද සමගින් පරිසරය හා මානව ප්‍රජාව අතර මේ අලුත් අවුරුද්දේ ගනුදෙනු චාරිත්‍රයක් වශයෙන් සුවිශේෂී රුක් රෝපණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරා. අලුත් අවුරුදු සතියේදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නව ගිණුමක් විවෘත කරන හෝ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන සෑම ගනුදෙනුකරුවෙකු වෙනුවෙන්ම අපි පැළයක් රෝපණය කරනවා. හියාරේ වැසි වනාන්තරයේ වන ගහණය ඉහළ නංවන්නට අපගේ ගනුදෙනුකරුවන් සියලුම දෙනා දායකත්වය ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තුවෙන් සිටිනවා.” යනුවෙන්, බැංකුකරණ සේවාවෙන් ඉදිරියට යමින් වැදගත් සමාජ වගකීමක් ඉටුකරන මෙම ව්‍යාපෘතිය ගැන අදහස් දක්වා සිටියේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී – සංජය සෙනරත් මහතාය.

අලුත් අවුරුදු සතිය තුළ රු. 5,000/- අවම මුදලක් යොදවමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජංගම ගිණුමක්, ඉතිරි කිරීමේ ගිණුමක් හෝ ආයෝජන සැලසුමක් ආරම්භ කරන ගනුදෙනුකරුවන් ‘මිහිකතට අවුරුදු’ වැඩසටහන සමග සම්බන්ධ වීමට සුදුසුකම් ලබනු ඇත. නව ස්ථාවර තැන්පතු විවෘත කරන ගනුදෙනුකරුවන්ටද මෙම වැඩසටහන සමග සම්බන්ධ විය හැකිය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ශාඛාවකට පැමිණීමෙන් හෝ මොබයිල් බෑන්කින්, ඔන්ලයින් බෑන්කින් පහසුකම් භාවිතා කරමින් මෙන්ම ඩිජිටල් බැංකුකරණ සේවාවක් වන FriMi මගින් ද මෙම ගිණුම් විවෘත කිරීම සිදුකළ හැක.

Savings Pots හරහා සිය ගිණුම් වෙත මුදල් එකතු කරන FriMi සේවාව භාවිතා කරන්නන් ද මෙම ව්‍යාපෘතියට සහභාගිවීමට සුදුසුකම් ලබා ගනිති. මෙම සුවිශේෂී වැඩසටහන සඳහා FriMi යෙදවුමෙහි (app) ‘ඩිජිටල් ගනුදෙනු’ පහසුකම භාවිතයෙන් අප්‍රේල් 12 සිට 18 දක්වා සහභාගීවීමට ඔවුන්ට අවස්ථාව ලබා දී ඇත. ඩිජිටල් ගනුදෙනු පහසුකම සෑම ගනුදෙනුකරුවෙකුටම අලුත් අවුරුද්දේ සුභ මොහොතින් ‘ගනුදෙනු’ චාරිත්‍රය ඉටුකිරීම සඳහා හැකියාව ලබා දෙන අතර, FriMi භාවිතා කරන හෝ නොකරන ඕනෑම අයෙකුට ඔවුන්ගේ ජංගම දුරකථන සබඳතාවය භාවිතයෙන් මෙම වැදගත් චාරිත්‍රය එම මොහොතේදීම ඉටුකිරීමේ හැකියාවද ලබා දී තිබේ.

Business Today සඟරාව මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 15 අතරට නම් කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන තිරසාර මූල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වාදී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් ද විශාල ප්‍රසාදයක් දිනා සිටී. දිගුකළ බැංකු කාලය ආදී පාරිභෝගික කේන්ද්‍රී බැංකු සේවා රැසක් පළමු වරට හඳුන්වා දීමට ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මුල්විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi හඳුන්වාදෙන ලද්දේ ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. එමෙන්ම තම කාඩ්පත් හිමියන්ට විශිෂ්ට වටිනාකමක්, සේවාවක් හා සබඳතාවක් නිර්මාණය කරදෙමින් ශ්‍රී ලංකාව තුළ අමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලය ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ. මේ වනවිට දිවයින පුරා නේෂන්ස් ට්‍රස්ට් බැංකු ශාඛා 96ක් විවෘත කර ඇති අතර, ATM යන්ත්‍ර 127ක් ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත්‍ර 48ක් ද ස්ථාපිත කර ඇති අතර, Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත්‍ර 3,700කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *