ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් වූ නිලධාරීන් බන්ධනාගාරය නියාමකවරු ලෙස බඳවා ගැනීම 21වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි හා ආරක්ෂණ ඒකකයේ බන්ධනාගාර නියාමක තනතුරට, ත්‍රිවිධ හමුදාවෙන් ඉවත්වූ නිලධාරින් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ මෙම 21 දා සිට ආරම්භ කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

වැලිකඩ බන්ධනාගාර පර්යේෂණ පුහුණු පාසල,අඟුණකොලපැලැස්ස සහ පල්ලේකැලේ බන්ධනාගාරවලදී මේ සඳහා ශාරීරික යෝග්‍යතා සහ යෝග්‍යතාවය ඇගයීමේ සම්මුඛ පරික්ෂන මෙම 21වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

ත්‍රිවිධ හමුදාවේ වසර 12 ක සේවා කාලයකින් පසු නීත්‍යානුකූලවඉවත්වූ නිළධාරින් මේ සඳහා අයදුම්පත් කැඳවා තිබූ අතර ඒ සඳහා අයදුම් පත් 2000ක් පමණ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබිණි .මෙයින් නිසි මූලික සුදුසුකම් සපුරා තිබූ අයදුම් කරුවන් 708 දෙනකු ශාරීරික යෝග්‍යතා සහ යෝග්‍යතාවය ඇගයීමේසම්මුඛ පරික්ෂණ සඳහා තෝරා ගත් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියයි.

මෙයින් සුදුසුකම් සපුරාලන 200 දෙනකු මුල් අදියර යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි හා ආරක්ෂණ ඒකකයේ බන්ධනාගාර නියාමක තනතුරට බඳවාගන්නා බවත් ඒකනායක මහතා පවසයි.

මෙම අයදුම්කරුවන් අදාල සම්මුඛ පරික්ෂණ සඳහා යොමු වීමේදී ,එම පරික්ෂණ පැවැත්වෙන පරිශ්‍රයන් තුළදී, දැනට පවතින දැඩි සෞඛ්‍ය නීති රීති අනුගමනය කළ යුතු අතර එදිනයන්හිදී පැමිණෙන මෙම පිරිස් ඒ සඳහා වන මුලික පරික්ෂා කිරීම්වලටද යොමු කරන බවද කොමසාරිස්වරයා කියයි.මේසම්මුඛ පරික්ෂණ සම්බන්ධව වැඩි දුරටත් තොරතුරු දුරකතන අංක 0114677157 ඔස්සේ ලබා ගත හැකිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *