පිලිප් කුමරුගේ දේහය විශේෂ ස්ථානයක තැන්පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ දේහය පසුගියදා(17) පැවති රාජකීය අවමංගල්‍ය උත්සවයෙන් පසු ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ විශේෂ ස්ථානයක තැන්පත් කෙරුණි.

එම දේහය නිත්‍ය වශයෙන් මිහිදන් කරනුයේ මහ රැජිණගේ අභාවයෙන් පසුවයි.

පිලිප් කුමරුගේ ආදාහන උත්සවය සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව ඊයේ සිදුවිය. දේහය තැන්පත් කර තිබූ මාළිගාවේ සිට අවමංගල්‍ය පෙරහැර ශාන්ත ජේර්ජ් දේවස්ථානයට රැගෙන එනු ලැබුවේ, හමුදා උත්තමාචාරයෙන් අනතුරුවය.

දෙවන එළිසබෙත් මහ රැජින සිය සැමියාගේ අවමංගල්‍යයට සහභාගි වූයේ සෙසු අමුත්තන්ගෙන් වෙන්ව පිහිටි ස්ථානයක සිටයි. කළු ඇඳුමින් සැරසී සිටි මහ රැජිණ, සැමියාට අවසන් ගෞරව දැකුවූයේ දැනට පවතින සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත වෙමිනි.

කුමරුගේ ඉල්ලීම පරිදි සංවිධාන කොට තිබුණේ, දේශනවලින් තොර කෙටි එහෙත් ගාම්භීර උත්සවයකි.

දේව මෙහෙයෙන් පසු දේහය රාජකීයන් සඳහා වන විශේෂ ස්ථානයක තැන්පත් කරනු ලැබීය. මහ රැජිණගේ අභාවයෙන් පසු එම දේහයන් දෙකම “ෆ්රොක්මෝ” වතුයායේ පිහිටි රාජකීය සුසාන භූමියේ තැන්පත් කිරීමට සැළසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *