මුරලිදරන් රෝහල්ගත කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.

ඔහුව ඉන්දියාවේ චෙන්නායි පිහිටි ඇපලෝ රෝහලට ඇතුළත් කොට තිබේ.

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම හේතුවෙන් මුරලිදරන් එම කණ්ඩායම සමඟ ඉන්දියාවේ පුහුණුවීම් වැල නිරත වෙමින් සිට ඇත.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී ෂන්මුගනාදන් Cricbuzz වෙබ් අඩවිය වෙත මුරලි ගේ තත්වය පිළිබඳව මෙසේ අදහස් දක්වා තිබුණා.

අයි.පී.එල්. තරගයට පැමිණීමට පෙර ඔහුගේ හදවතේ ඇති වූ ගැටළුවක් පිළිබඳව ඔහු ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබාගෙන තිබේ. ඔහුට මුලින් පවසා තිබුණේ කිසිදු ස්ටෙන්ට් අවශ්‍යතාවයක් නොමැති බවයි. නමුත් චෙන්නායි හි ඇපලෝ රෝහලේදී ඔහුට ඉතා ඉක්මනින් angioplasty ඇන්ජියෝප්ලාස්ටි සිදු කරන ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව ඒ සඳහා ඔහු රෝහලට ඇතුලත් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *