ක්‍රීඩාශාලා හා කායවර්ධන මධ්‍යස්ථාන නියාමනය කිරීමේ අවශ්‍යතාව ඇමති නාමල් කියයි

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රීඩා ශාලා හා කාය වර්ධන මධ්‍යස්ථාන ඇති කිරීමේ දී ඒවා ලියාපදිංචි කිරීම හා ක්‍රියාත්මක කිරීමට බලපත්‍ර නිකුත් කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

දිවයිනේ බෝහෝ ප්‍රදේශවල විවිධ ක්‍රීඩා සාමාජ, හෝටල්, පාසල් හා ක්‍රීඩාව හා සම්බන්ධ වෙනත් ආයතනවල ක්‍රීඩා ශාලා, කාය වර්ධන ශාලා ක්‍රියාත්මක වේ.

ප්‍රධාන නගර, කුඩා නගර හා ග්‍රාමීය ප්‍රදේශවල පවා විවිධ ප්‍රමාණයේ ක්‍රීඩා ශාලා, කාය වර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යන බව පෙනෙන්නට ඇත.

එවැනි කායවර්ධන මධ්‍යස්ථාන හා ක්‍රීඩා ශාලා ආරම්භ කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජය මගින් කිසිඳු ප්‍රමිතියක් හෝ මාර්ගෝපදේශයක් ප්‍රකාශයට පත් කර නොමැත.

නමුත් නාගරික ප්‍රජාවෙන් සැලකිය යුතු පිරිසක් හා ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල පිරිස් දෛනික පදනම මත මෙම ආයතනවල සේවය ලබාගනිති.

2019 මාර්තු මස සිට ඇති වූ කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් අද වන විට මෙම ක්‍රීඩා ශාලා හා කාය වර්ධන මධ්‍යස්ථාන ක්‍රියාකාරි තත්ත්වයේ නොපවතී.

සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියේ නිරෝගිමත් තරුණ පරපුරක් බිහි කිරීම මූලික අරමුණක් වන හෙයින් මෙය නව කර්මාන්තයක් ලෙසින් හඳුනාගත හැකි වන අතර තරුණ ප්‍රජාවට රැකියා අවස්ථා සැලසීමට ද මෙමඟින් අවස්ථාව උදා කරගත හැකය.

ඒ අනුව ක්‍රීඩා පනත හා ඊට අදාළ රෙගුලාසි පිළිබඳව ද සලකා බලා ක්‍රීඩා ශාලා සහ කාය වර්ධන මධ්‍යස්ථාන සම්බන්ධව ඊට ගැළපෙන අන්දමේ රෙගුලාසි හා ඉහත අවශ්‍යතා සැපිරෙන පරිද්දෙන් සංකල්ප, පත්‍රිකා, කෙටුම්පතක් හා යෝග්‍ය උපදෙස් මාලාවක් කඩිනමින් සකස් කළ යුතු යැයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කලින් කලට එවන් ආයතනයන් හි බලපත්‍ර අලුත් කිරීමට පෙරාතුව (වසරකට වරක්) ඔවුන්ගේ කාර්යය සාධනය අධීක්ෂණය කිරීමට හැකි අන්දමේ යෝග්‍ය යාන්ත්‍රණයක් සකස් කළ යුතුබව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

i සේවාදායකයන්ට අවම පහසුකම් යටතේ විධිමත් සේවවාක් සැපයීම.
(විවිධ කාණ්ඩ අනුව)

ii ප්‍රමාණය (වර්ග ප්‍රමාණය) හා දෙන ලද කාල සීමාවක් තුළ එය භාවිත කළ හැකි
උපරිම පිරිස පදනම් කරගනිමින් ක්‍රීඩා ශාලා හා කාය වර්ධන මධ්‍යස්ථාන කාණ්ඩ
කිරීම.

Iii ගෘහස්ථ ක්‍රීඩා ශාලා/කාය වර්ධන මධ්‍යස්ථාන හා එළිමහන් ක්‍රීඩා ශාලා පිළිබඳව
වෙන් වෙන් වශයෙන් සලකා බැලීම.

Iv තනිව තමා විසින්ම කටයුතු කළ හැකි හා පුහුණුකරුවකුගේ සහාය ලබා දෙන
අන්දමේ ක්‍රීඩා ශාලා හා කාය වර්ධන මධ්‍යස්ථාන පිළිබඳව වෙන් වෙන් වශයෙන්
සලකා බැලීම.

ඉහත කරුණු කෙරෙහි සැලකිලිමත්වෙමින් මෙම ක්‍රීඩා ශාලා/කාය වර්ධන මධ්‍යස්ථාන නියාමනය කළ යුතු බවත් මෙම රෙගුලාසි සකස් කිරීමේදි කොවිඩ් – 19 වසංගත තත්ත්වය පිටුදැකීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති උපදෙස් මාලාව අනුව යමින් එම කටයුතු සිදු කරන ලෙසත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − eleven =