ගතවූ පැය 24 තුළ පමණක් රිය අනතුරුවලින් මරණ 06ක්

(කොළඹ, ලංකාපුවත්) – දින අටක් තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 75 දෙනෙක් මියගොස් තිබේ.

පසුගිය පැය විසි හතර තුළ පමණක් අනතුරු හේතුවෙන් පුද්ගල මරණ හයක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

ඉන් තිදෙනෙකු යතුරුපැදිකරුවන්වන අතර සෙසු තිදෙනා පදිකයින් බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය 13 වන දින සිට අද(21) උදෑසන වන විට රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 75 දෙනෙකු මියගොස් තිබේ.

රිය අනතුරු හේතුවෙන් එම කාලය තුළ පුද්ගලයින් දහසක් පමණ තුවාල ලබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + eight =