“පාස්කු වින්දිතයින්ට සාධාරණය ඉටුකරන තෙක් විරෝධතා දිගටම” – කාදිනල් හිමි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන තෙක් මේවන විට දියත්කර තිබෙන විරෝධතා දිගටම පවත්වාගෙන යන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරයි.

කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද(21)පැවති වැඩසටහනකදී පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් අනුස්මරණය කරමින් මේ බව සඳහන් කළේය.

එසේම පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට මෙන්ම මේ වන විට ආබාධිතව රෝද පුටුවල සිටින අයටත් සාධාරණයක් ඉටු කිරීමට නම් ප්‍රහාරය පිටුපස සිටින සමස්ත සත්‍ය නිරාවරණය කිරීම අත්‍යාවශ්‍ය බවත් උන්වහන්සේ පවසයි.

තවද එය ප්‍රමාද කිරීම මුළු රටේම ආරක්ෂාව අනතුරේ හෙළීමක් බව කාදිනල් හිමිපාණන් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *