ශ්‍රී ලංකන් ගුවන්සේවය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ අත්වැල් බැඳ ගනියි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකන් හොලිඩේස් අංශය දේශීය සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සහ දෙස් විදෙස් සංචාරකයින්ට පහසුකම් සැලසීමේ අරමුණින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්වනUga Escapes, Walkers, සහ Taru Villas සමඟ පසුගියදා අත්වැල් බැඳගන්නා ලදී.

ඉදිරි වර්ෂවලදී දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ විශාල වර්ධනයක් බලාපොරොත්තු වන අතර මෙම නව සම්බන්ධතා තුළින් අපගේ ගනුදෙනුකරුවන්ගේ නිවාඩු අත්දැකීම්වලට වටිනාකමක් එක්කිරීමට ද හැකියාව ලැබෙනු ඇත.

මෙම නව සංචාරක උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම හරහා දේශීය හා අභ්‍යන්තර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත්, එමඟින් කොරෝනා වසංගතයෙන් පීඩාවිඳි දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීමටත් හැකිවෙනු ඇතැයි ශ්‍රීලංකන් හොලිඩේස් බලාපොරොත්තු වෙයි.

තවද මෙරට සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්තයින් තිදෙනෙකු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් සිය ගනුදෙනු කරුවන්ට හෝටල් සඳහා ආකර්ෂණීය මිලගණන් ඉදිරිපත් කිරීමේ හැකියාවද උදා වනු ඇති බව ශ්‍රී ලංකන් හොලිඩේස් අංශය අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය Uga escapes, Walkers, සහTaru villas සමඟ ගිවිසුම් අත්සන් කිරීම මඟින් රටතුළට පැමිණෙන සංචාරකයින් සහ සංචාරක කර්මාන්තය දියුණුවට පත්කිරීමේ හැකියාව උදා වන අතරම සංචාරක ව්‍යාපාරය දිවයිනෙන් පිටතට ගෙනයාමට එය දායකවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *