සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට තීරණය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මෙවර සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

පක්ෂ නියෝජිතයින් සමග කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති රැස්විමකදී මෙම එකඟතාවට පැමිණි බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මැයි දිනයේ ක්‍රියාකාරිත්වය තුළින් කෝවිඩ් නයින්ටීන් වෛරසය නැවත වරක් ව්‍යාප්ත වීමේ අවදානමකට මුල පිරීමේ හැකියාවක් ඇති බැවින් ඒ පිළිබද සාකච්ඡා කිරීමේ හමුවක් කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

සියලු පක්‍ෂ නියෝජිතයන් ඊට සහභාගි විය. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී සියලු මැයි දින රැළි හා රැස්වීම් නොපැවැත්වීමට සියලු පක්‍ෂ නියෝජිතයන් ඒකමතිකව තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × four =