ආණ්ඩුව විජේදාස රාජපක්ෂට විරුද්ධව තීන්දුවක් ගත යුතුයි – රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ කියයි

(කොළඹ, ලංකාපුවත්) – ද්වේශ සහගත ලෙස හැසිරෙන පුද්ගලයින් හට පක්ෂයේ විනය සහ ආණ්ඩුවේ විනය ආරක්ෂා කිරීම වෙනුවෙන් විජේදාස රාජපක්ෂ මහතාට විරුද්ධව තීන්දුවක් ගැනීම වඩාත් සුදුසු කාරණයක් බව සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඒ පිළිබඳ පසුගියදා(20) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේද කීය,

“මේ පනත සම්බන්ධයෙන් වෙනත් අදහස් දරණ පුද්ගලයෙකුට සංශෝධන ඉදිරිපත් කිරීමේ අයිතිය ආණ්ඩු පක්ෂයට වගේම විපක්ෂයටත් තියෙනවා. සාධනීය පරමාර්ථයක් තුළ එම සංශෝධන ගෙන ඒම සඳහා රජය නොපැකිළිව ඕනෑම අවස්ථාවක ඉඩ ලබා දෙනවා. නමුත් දේශ සහගතව තමන්ට තනතුරක් නොලැබීම හේතු කර ගෙන රටක් වෙනුවෙන් රට ජාත්‍යාන්තරය තුළ කේන්ද්‍රස්තානය කිරීමට රජය ගන්නා උත්සහයට ඉතාමත් දේශ සහගතව අකුල් හෙලීම සම්බන්ධයෙන් අපි රජයක් වශයෙන් විජේදාස රාජපක්ෂ මහතාට තීන්දුවක් ගැනීම සිදු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු පක්ෂය විසින් සිදු කරනවා. ඒ වගේම තමයි පක්ෂයේ විනය රජයේ විනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එතුමාට විරුද්ධව තීන්දුවක් ගැනීම වඩාත් සුදුසු කාරනයක්.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *