එළැඹෙන සති 03 ඉතා අවදානම් – යුද හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙන සති 03 ඉතා අවදානම් බව යුද හමුදාපති ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව හමුදාපතිවරයා සදහන් කළේය.

සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් වැළකි සිටින ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එසේම විවිධ උත්සව සංවිධාන කිරීමෙන් වැළකී සිටින ලෙස ද යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.

නිවසින් බැහැරට යෑමේදී මුව ආවරණ පැළදීම අනිවාර්ය බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *