කොවිඩ් මරණ 05ක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් -19 වෛරසය ආසාදිත රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ් අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළගොස් ඇත.

එසේ මරණයට පත්ව ඇත්තේ සෙවණගල ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ජාඇළ ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කැලණිය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රත්නපුර ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 4 =