ජනතාව ඒකරාශීවන කිසිඳු රැස්වීමක් සඳහා අවසර ලබා නොදීමට තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ජනතාව ඒකරාශීවන කිසිඳු රැස්වීමක් සඳහා අවසර ලබා නොදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඊයේ(21) පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව ඇය සඳහන් කළාය.

මේ අතර ඉදිරි මාසයක කාලය තුළදී දැඩි සෞඛ්‍ය නිති රීති අනුගමනය නොකළහොත් මෙරට තුළ කොවිඩ් ව්‍යාපාතියේ වර්ධනයක් විය හැකි බවින්, ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බවයි ඇය අවධාරණය කළේය.

එමෙන්ම විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් යළි සති දෙකක නිරෝධායන කාලයක් සඳහා යොමු කිරීමට ද තීරණය කර ඇති බවත්, විවිධ රටවල් තුළ ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේද හේතුවෙන් මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × one =