මැදවච්චිය කොවිඩ් පොකුර වර්ධනය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ගෙවී ගිය දින 08 ක කාලය තුළ මැදවච්චිය නගරයේ පමණක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 09දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන්ගේ ආසන්නතම ආශ්‍රීතයින් 46 දෙනෙකු ස්වයං නිරෝධානයට මේ වන විට යෙමු කර ඇති බවත් මැදවච්චිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

ඒ අනුව මැදවච්චිය පිහිටි රාජ්‍ය බැංකුවක සේවකයින් සහ එම ආයතනයේ ප්‍රධාන කළමනාකරු ඇතුලු පස් දෙනෙකුද , මැදවච්චිය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නේවාසිකාගාරයක සිටි අනුරාධපුරයේ සේවයේ නියුතු කාර්යය මණ්ඩලයේ එකම පවුලේ (04) හතර දෙනෙකුටත් අද(22)වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් පැවසූහ.

පසුගිය 15, 17, 20 සහ 20 වන දින ලැබුණු පී.සී.ආර් පරික්ෂණ වාර්ථා වලට අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් මැදවච්චිය නගරයේදී පමනක් මෙලෙස හදුනාගෙන ඇත.

අද(22) වන විට මැදවච්චිය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නේවාසිකාගාරයක සිටි අනුරාධපුරයේ සේවයේ නියුතු කාර්යය මණ්ඩලයේ එකම පවුලේ කොවිඩ් 19 වෛරසය ආසාදිත හතර දෙනා හැරුණු විට එම පවුලේම තවත් එක් අයකුගේ පළමු පී.සී.ආර් වාර්ථාව මේ වන විට පොසිටිව් වී ඇති අතර දෙවන වාර්ථාව ලැබෙමින් පවත්න බවත් එයද පොසිටිව් තත්ත්වයේ පැවතියහොත් රෝගින් 10 දක්වා ඉහල යන බවද සෞඛ්‍ය අංශ කියයි.

මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මෙම පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනය කටයුතු වල යොදවා ඇත.

ඉදිරි දින කිහිපය තුළ මැදවච්චිය නගරයේ අහඹු පී.සී.ආර් පරික්ෂණ මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + ten =