ශ්‍රී ලංකන් ගුවන් යානයක් මාලදිවයිනේදී අනතුරට

(කොළඹ, ලංකාපුවත්) – මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නවතා තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL116 දරණ ගුවන් යානයේභූමි මෙහෙයුම් ආධාරක වාහනයක් ගැටීමෙන් එම යානයේ පිටුපස කොටසට (tail section stabilizer)අලාභහානි සිදුව ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

මාලේ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිටින ශ්‍රී ලංකන් ගුවන් යානා ඉංජිනේරු කණ්ඩායම මේ වන විට හානියට පත් කොටස් ප්‍රතිස්ථාපනය කර යානය නැවත සේවයට එක්කිරීමට කටයුතු කරමින් සිටින බව සදහන් වේ.

ඡායාරූප උපුටා ගැනීම – Accident 1st

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 2 =