27වනදා විශ්වවිද්‍යාල ආරම්භ නොවේ – අධ්‍යාපන ඇමති

(කොළඹ, ලංකාපුවත්) – ලබන 27 වනදා සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබූ විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ඇරඹීම තවත් සති දෙකකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත එම තීරණය ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා අද(22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ඒ අනුව මීට පෙර අපේ‍්‍රල් 27 වන දිනට නියමිතව තිබූ සියලුම විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් තබන බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + 9 =