මියන්මාර අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – මියන්මාරයේ දී අත්අඩංගුවට පත්වු ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනා අද (23) දිවයිනට ගෙන්වා ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

මියන්මාරයේ යැංගන් සිට ඔවුන් ගුවන් මඟින් සිංගප්පුරුව වෙත ගමන් කර එහි සිට කොළඹ දක්වා පැමිණිමට නියමිතය.

මියන්මාර රජය සමඟ පැවැත්වු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඔවුන් නිදහස් කර ගැනීමට හැකිවු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

එම ධීවරයින් මෙරටට පැමිණිමෙන් පසු නිරෝධායනය සඳහා යොමු කිරීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *