ඉන්දියාවේ කොරෝනා වෛරස් නව ප්‍රභේදයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ මේ වන විට කොරෝනා වෛරස් නව ප්‍රභේදයක් හමුවී ඇති අතර එම ප්‍රභේදය හේතුවෙන් තත්ත්වය තවත් බරපතළ වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ(26) දින අඛන්ඩව පස්වෙනි දිනටත් ඉන්දියාවෙන් වාර්තාගත රෝගීන් සංඛ්‍යාවක් හමුව ඇත.

එසේම ඊයේ දින අඛණ්ඩ ව පස්වන දිනටත් වාර්තාගත මරණ සංඛ්‍යාවක් සිදුවූ තිබේ. ඊයේ දිනයේ එරටින් නව ආසාදිතයින් 319,000 ක් හමු වූ අතර ඊයේ දිනයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 2700 ඉක්මවයි.

කෙසේ වෙතත් දැනට වාර්තා වී ඇති දත්තයන්ට වඩා සැබෑ තත්ත්වය ඉතාම බරපතළ විය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි. දැනට ඉන්දියාවේ වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණයට වඩා සැබෑ රෝගීන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණයක් අධික බව විශ්ලේෂකයින් සඳහන් කරකු ලැබේ.

ඉන්දියාවේ අද වෙනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව එක්කෝටි 76 ලක්ෂය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව එක්ලක්ෂ අනූ අට දහසකට ආසන්න වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *