ආනයනික බීජ අර්තාපල් වගාවන් හානි වි ඇති බවට කරන පැමිණිලි පරික්ෂාකර සහන සැළසිමට අවශ්‍ය පියවර

(කොළඹ, ලංකාපුවත්) –මහ කන්නයේ වගාකල ආනයනික බීජ අර්තාපල් වගාවන් හානි වි ඇති බවට ගොවි මහතුන් කරන පැමිණිලි පරික්ෂාකර බලා බීජ අර්තාපල් ආනයනය කළ සමාගම් සමග සාකච්ඡාකර ගොවින්ට සහන සැළසිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදි ගොවි නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ ගැටළුවට පිළිතුරු දෙමින් දිස්තික් ලේකම්වරයා මෙම අදහස් පැවසීය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චාර්ය ශාලාවේදි පසුගිය දා පැවැති මෙම රැස්වීම සඳහා දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට අදාල රාජ්‍ය නිලධාරින් හා සියළු ගොවි ජන සේවා මධ්‍යස්ථාන නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.

ආනයනික බීජ ආර්තාපල් වෙනුවට ඉහල ගුණාත්මයකින් යුතු දේශිය ආර්තාපල් බීජ නිපදවීම සඳහා රජයේ බීජ ආර්තාපල් ගොවිපලවල් මෙන්ම ගොවි සංවිධාන කටයුතු කරමින් පවතින බව මෙහිදි අනාවරණය විය.

මෙහිදි තව දුරටත් අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සඳහන් කල‍ෙ ගොවි ජනතාවගේ සහ කෘෂි කර්මාන්තයට අදාලව නැගෙන ගැටළු වලට කඩිනමින් සොයා බලා කටයුතු කිරීම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ වගකීම බවත් එය සිදුකිරීමට සැමදෙනා කැපවිය යුතු බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *