ජනතාව වගකීමෙන් මේ මොහොතේ කටයුතු කළ යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – ජනතාව වගකීමෙන් මේ මොහොතේ වැඩ කටයුතු කළ යුතු බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂද්‍ර මූල්‍යා ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය,

“අද වන විට මෙරට දවසකට පී.සී ආර් පරික්ෂණ පහළොස් දහසකට (15,000) කට ආසන්න ප්‍රමාණයක් සිදු කරනවා. ජනතාවත් වගකීමෙන් මේ මොහොතේ වැඩ කටයුතු කළ යුතුයි. මේ වන විට මෙරටත් කොවිඩ් තුන්වන තත්ත්වයක් ඇති වී තිබෙනවා. එයද නිවැරදිව පාලනය කරන්න ඕන සියලු පියවර නොමසුලුව අපි ජනතාවට වගකිව හැකි රජයක් ලෙස ගන්නවා.

මේ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහත්තයා කරන්නේ බොරදියෙන් මාළු බෑමයි. ගිය සැරේ කිව්වා කොවිඩ් නිසා ඡන්දෙ තියන්න එපා කියලා. මේ සැරේ තව එකක් කියනවා.ඒකෙන්ම පේනවා කිසිම අරමුණක් නැතිව ගමන් කරන පුද්ගලයින් කියලා මේ අය. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයට මේ කොවිඩ් මර්ධනය පිළිබද අවබෝධයක් නෑහැ. මැතිවරණ තියලා ජයග්‍රහණය කරන්න අවබෝධයක් නෑහැ.

බලන්න තිබ්බා එයා ජනාධිපතිවෙලා හිටියනම් අද වෙද්දි අපේ රට ඉන්දියාවට දෙවැනි නොවන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ලක්ෂ තුන හතර දවසට රෝගින් වෙන දහස් ගනම් මිය යන රටක් බවට පත් වෙනවා බලන්න තිබුණා සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙලා හිටියනම්. මේ රටේ ජනතාවගේ වාසනාවට තමයි ජනාධිපති කරන්න ජනතාව තීරණය කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *