(කොළඹ, ලංකාපුවත්) –මේ වන විට කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවල පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය බවට හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ඔහු පවසන්නේ, අදාළ ප්‍රදේශවලින් ලබාගත් PCR සාම්පල අනුව ඒ බව හඳුනාගෙන ඇති බවයි.
එම ප්‍රභේදය B 1 1 7 ලෙස හඳුනාගෙන ඇති බවත්, මෙරට තුළ කොවිඩ් -19 වේගයෙන් පැතිර යෑමට එම ප්‍රභේදය හේතුවී ඇති බවත් වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම වෛරස් ප්‍රභේදය වේගයෙන් පැතිර යාම නිසා මරණ වැඩි වීමේ ප්‍රවණතාවක් මතු විය හැකි නමුත් දැනට ශ්‍රී ලංකාව තුළ භාවිතා වන ඇස්ට්‍රාසෙනෙකා එන්නතට සංවේදී බවද ජීවන්දර මහතා ප්‍රකාශ කරයි.
උක්ත අවදානම් ප්‍රදේශ වල මෙම ප්‍රදේශයන්හි සාම්පල 43ක් අධ්‍යයනය කර තිබේ.
මෙම විකෘති ප්‍රභේදය නිසා සාමාන්‍ය තත්ත්වයට වඩා මරණ 55%කින් වැඩිවන බවත් පැතිරීමේ වේගය 50%ක් දක්වා වැඩි බවත් පරීක්ෂණවලින් හඳුනා ගෙන ඇත.