දිමුත් කරුණාරත්න ටෙස්ට් ලකුණු 5000 පසුකළ සමාජයට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියේදී ලකුණු 5,000 සීමාව පසු කිරීමට අද(29) සමත්විය.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරඟය මේ වන විට මහනුවර, පල්ලේකැලේ ක්‍රිඩාංගනයේ පැවැත්වේ.

ඒ අනුව මෙම කඩඉම පසුකළ 10 වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයා වන්නේ දිමුත් කරුණාරත්නයි.

දැනට ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරින් ටෙස්ට් ලකුණු 5,000 සීමාව ඉක්මවා සිටින අනෙක් ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ය.

දිමුත් කරුණාරත්න මේ දක්වා ටෙස්ට් තරඟ 71කට සහභාගී වී ඉනිම් 138ක් ක්‍රීඩා කර ශතක 11ක් එක් ද්විත්ව ශතකයක් ද සමඟින් (ලකුණු 247) මෙම කඩඉම පසුකළා.

ඔහු ක්‍රිකට් පිතිකරණ වාර්තා ඉදිරියේ සටහන්ව ඇති අර්ධ ශතක සංඛ්‍යාව 25කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 5 =